පාරිභෝගිකයන් විකල්ප ආහාරවලට යොමු වීමෙන් එළවළු මිල පහළට

747

එළවළු තොග මිල ඉකුත් 28 දා සියයට හැටකින් පහළ ගියේය. පසුගිය සතියේ උඩරට පහතරට එළවළු කිලෝවක තොග මිල රු. 200 ඉක්මවා තිබූ බව තොග වෙළෙඳුන් පැවැසීය. මාළු මිරිස් සහ අමු මිරිස් මිල ඉහළ ගොස් තිබේ.

දඹුල්ල තොග වෙළෙඳපළට ඊයේ එළවළු කිලෝ ලක්‍ෂ පහහමාරක් පමණ ලැබුණ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පැවසීය.

පාරිභෝගිකයන් මා`ථ, බිත්තර, මුංඇට, කව්පි, කඩල, සෝයාමීට්, දෙල්, කොස්, පොලොස් ඇතුළු විකල්ප ආහාරවලට යොමුවීම එළවළු පරිභෝජනයට අඩුවීමට බලපා තිබෙන බව ඔහු පැවැසීය.

පැවැති අධික වැසි හේතුවෙන් දිවයින පුරා සතිපොළවල් රැුසක් වසා දැමීම, ජංගම සහ සිල්ලර වෙළෙඳුන් එළවළු වෙළෙඳාමෙන් ඉවත්වීම, එළවළු තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම පහළ යෑම මෙම මිල පහළ යෑමට බලපෑ තිබෙන බව පැවැසීය.

මාළු මිරිස් කිලෝවක තොග මිල රු. 520 ක්වූ අතර අමු මිරිස් කිලෝවක් රු. 320 ක් දක්වා රු. 150 කින් ඉහළ ගියේය. බෝංචි කිලෝවක් රු. 170, නුවරඑළි ගෝවා 240 ක්, පුත්තලම ගෝවා 220 ක්, ලීක්ස් 200 කට අලෙවි විය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment