බාල බෙහෙත් 4ම රෝගීන්ට දීම නවත්වයි

120

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ගෙන්වූ සැපයුම්කරු විසින් ලබාදුන් බව කියන ප්‍රමිතියෙන් තොර ඖෂධ හතර මේ වනවිට රෝගීන්ට ලබාදීම නතර කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙසේ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ගුද මාර්ගයේ සහ මහ බඩවැල් ආශ්‍රීත පිළිකා රෝගීන්ට ලබාදෙන Invinotecan Hydrochloride Trihydrate Injection, පියයුරු පිළිකා අමාශය හා පුරස්ථි පිළිකා රෝගීන්ට ලබාදෙන Doctaxel injection, ඇසේ දෘෂ්ටි විධානය ආශ්‍රීත ශල්‍යකර්මවල දී භාවිත කරන Fluorescein Sodium injection සහ රුධිර කැටි ගැසීම ආශ්‍රීත ගැටලු සහිත රෝගීන්ට ලබාදෙන Factor Vll injection යන ඖෂධ හතරය.

මෙම ප්‍රමිතියෙන් තොර බව කියන ඖෂධ හතර රජයේ රෝහල්වලින් ඉවත් කර නියමිත උෂ්ණත්වයේ ගබඩා කර තබන ලෙසට අධිකරණය නියෝග කර තිබුණත් සෑම රෝහලක ම ඒ පහසුකම නැතැයි ද රණදේව මහතා කීය.

බෙහෙත් ගෙන්වූ මෙම සැකකරුට ඖෂධ ගෙන්වීමට, නිෂ්පාදනය කිරීමට හෝ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී නැත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment