ඩෙංගු සුවවී ගෙදර ඇවිත් බැංකුවට ගිය දෙදරු පියා මහමඟ ඇද වැටී මරුට

94

ඩෙංගු රෝගය සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවකින් මුදල් ලබා ගැනීමට යමින් සිටි පුද්ගලයකු මහ පාරේ ඇද වැටී ඊයේ (19 දා) මියගොස් තිබේ.

යාපනයේ අරියාලේ රාසතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා සින්ධුජන් (31) නමැති දෙදරු පියෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ඔහු උණ රෝගයට මීට දින කීපයකට ඉහතදී ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුට ඩෙංගු උණ වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහුට නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුව ඇත.

පසුව රෝහලෙන් නිදහස් කළ ඔහු නිවසට පැමිණ ඒ අසල වූ බැංකුවකට පයින් යෑමේදී මහපාරේ ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment