ශ්‍රී ලංකා තිපේෂ සමාගමේ නවතම නිෂ්පාදනය කැලරි බාර් වෙළඳපොළට හඳුන්වා දෙයි

88

එම ආයතනය රටේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය කරමින් අතිරේක නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙමින් සිටී.

2017 වසරේ සුපෝෂ නමින් නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර මේ වනවිට එය රටපුරා ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත්ව ඇත. මේ අතර ළමයින්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙමින් ළමයින්ගේ උදෑසන ආහාරය සඳහා ලබාගත හැකි අවශ්‍ය කැලරි ප්‍රමාණයන් අඩංගු තිරිඟු පිටි රහිත පෝෂණයෙන් අනූන කැලරි බාර් (Calorie bar) නමින් නිෂ්පාදනයක් පසුගිය 10 වැනිදා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍යයන්ගෙන් තොර වන අතර බඩඉරිඟු, සෝයා බෝංචි, බටර්, කිරිපිටි, බිත්තර, සීනි, විටමින් හා ඛනිජ ලවණවලින් පිරි ළමයින්ට උදෑසන පෝෂ්‍යදායී ආහාරයක් ලෙස භාවිතා කළ හැක.

ශ්‍රී ලංකා තිපේෂ සමාගමේ නවතම නිෂ්පාදනය කැලරි බාර් වෙළඳපොළට හඳුන්වා දෙයි

ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතාට වෙළෙඳ කළමනාකරු නිශ්ශංක මහතා විසින් පළමු කැලරි බාර් පැකට් එක අලෙවි කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ

advertistmentadvertistment
advertistmentadvertistment