නවසීලන්තය පරාජයෙන් ගැලවීමේ සටනක

267

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද (02 වැනිදා) පරාජයෙන් බේරීම සඳහා ලකුණු 219 ක් රැස් කර ගැනීමේ අභියෝගය නවසීලන්තය හමුවේ පවතී.

ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 4 ක් පමණි.

තරගයේ 4 වන දිනය වූ ඊයේ දිනයට තරගය නතර කරන විට නවසීලන්තයේ කඩුළු 6ක් ලකුණු 113 කට දැවී ගොස් තිබුණි.

ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩැරිල් මිචෙල් ලකුණු 44 ක් සහ ඉශ් සෝදි ලකුණු හතක් ලබා සිටියහ.

තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 338 ක් ලබා ගත් අතර නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 105 ක් ලැබීය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය පළමු ඉනිම 310/10
නවසීලන්තය පළමු ඉනිම 317/10
බංග්ලාදේශය දෙවැනි ඉනිම 338/10
නවසීලන්තය දෙවන ඉනිම 113/7

advertistmentadvertistment
advertistmentadvertistment