සිංහාභිමානී චාරිකාව කතරගම සිට කොළඹ දක්වා

41

ජාත්‍යන්තර සිංහ 306 1 දිස්ත්‍රික්කය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සිංහ චාරිකා වැඩසටහන මෙවර ද සැප්තැම්බර් මස 08 වනදා සිට 10 දක්වා පැවැත්වේ.

සිංහාධිපති කීර්ති ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 08 වන දින කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් අභියස ආගමික වැඩසටහනකින් ආරම්භ වී මහ දේවාලයේ දේව පූජාවක් පවත්වා සැප්තැම්බර් මස 09 දින උදෑසන කතරගම අභිනවාරාම විහාරස්ථානයේ සිට මෙම මහා චාරිකාව ආරම්භ වේ. විවිධ වූ සමාජ සත්කාරයන් ද, උපදේශන සේවා හා සිංහ දිස්ත්‍රික් සාමාජිකයන් බලගැන්වීමේ වැඩසටහන් රාශියක් ද සමන්විත වන මෙම චාරිකාව 10 වන දින කොළඹට ළඟාවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment