මුහුදු සැතපුම් දහයක් දුරට ලණුවකින් බෝට්ටුවක් අදී

84

වඩමාරච්චියෙන් වාර්තාවක්

තම පිටේ බදින ලද සෑදලයක කෙළවර ලණුවක් ගැටගසා ඒ ආධාරයෙන් මුහුදු සැතපුම් දහයක් දුරට බෝට්ටුවක් ඇදගෙන ගොස් යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ පුද්ගලයකු වාර්තාවක් තබා තිබේ.

ප්‍රේමසිවම් විමලන් නැමති මොහු ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් යුතුව යාපනය සෙල්වා ක්‍රීඩා සමාජයේ නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේ මෙම වාර්තාව පිහිටුවා ඊට අනුමැතිය ලබා ගෙන තිබේ.

මුහුදු සැතපුම් දහයක් දුරට බෝට්ටුවක් ඇදගෙන යාම සඳහා මොහුට ගත වී ඇත්තේ පැය එකයි විනාඩි හතළිහක කාලයකි. ප්‍රේමසිවම් විමලන් පවසන්නේ ගිනස් වාර්තාව පිහිටුවීමේදී මේ කාලය පැය එකහමාරක් දක්වා අඩු කිරීමට තමන්ට හැකියාව ඇති බවයි. ඔහු යාපනයේ කුඩාත්තනේ උතුරු වෙරළ තීරයේ සිට සුපර්මඩම් වෙරළ තීරය දක්වා නාවික සැතපුම් 10ක දුරක් බෝට්ටුව ඇදගෙන ගොස් ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment