ජනවරමක් නැතිව සක්විති රජකමවත් බාර ගන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

122

සක්විති රජකම දෙනවා කිව්වක් ජනවරමකින් තොරව තනතුරු බාර ගන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ප්‍රතිපත්ති කඩකර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනීමට තමා සූදානම් නොමැති බවත් පොහොට්ටුවේ 134කගේ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා ⁣පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේවන විට පාස්කු ප්‍රහාරයේ සත්‍ය පවා සඟවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාරතා⁣වේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මෙසේ ඇත්ත සැඟවීම තුළ ජාතික ආරක්ෂාව අනතුරට පත්වන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ සක්විති රජකම ලබා දෙන බව පැවසුවත් ජන වරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැතිකම හෝ මැති ඇමතිකම් හෝ රාජ්‍ය බලයක් ලබා ගැනීමට තමා සූදානම් නැති බවයි.

එසේම ආගමික ස්ථාන තුළින් නිකුත් කරන දහම් පණිවිඩය මත ඒකීය ශ්‍රී ලංකාව රැකි ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන නමුත් පසුගිය කාලයේ වඳ සැත්කම් වඳ කොත්තු කියා පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාති ආගම් අතර බෙදීමක් ඇති කළ බවත් මේ නිසා අරගලයට පෙර සංහිඳියාව යනු පරුෂ වචනයක් බවත් දේශාභිමානයේ නාමයෙන් එයට පහර පිට පහර එල්ල කළත් රට වහල්භාවයෙන් තබා රටේ සම්පත් සොරා කමින් සිටි පවුල සහ ජනාධිපති එලවීමට ජනතාව එකාමෙන් පාරට බැස සිදු කළ අරගලයෙන් පසු සංහිඳියාව යන වචනය වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ 15දා සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැනි වැඩසටහන කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරයේදී පැවැති අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙ රට විනාශ කළ පුද්ගලයන් සමග ඩීල් ගැසුවා නම් මේ වන විට තමා රටේ ජනාධිපති. නමුත් රට විනාශ කළ පොහොට්ටුව සමග කිසිඳු ගිවිසුමක් නොමැති බවත් යම් හෙයකින් ඩීල් එකක් දමන්නේ දේශපාලන පක්ෂ සමග නොව ලක්ෂ 220ක් ජනතාව සමග පමණක් බවත් පැවසීය.

තවද එක පවුලක් තනි අයිතියකට බලාධිකාරයකට උරුම කම් කියමින් තනි පාලනයක් ගෙන ගිය රටේ පක්ෂයක් තුළ තර්ක විතර්ක සිදු වන විට පක්ෂ ඇතුලේ ඝට්ටන සිදු වන බවට ප්‍රචාර ගියත් එය ඝට්ටන නොවන බවත් ක්‍රමයේ වෙනසක් ඉල්ලන රටේ එම තර්ක විතර්ක යනු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවතක ආරම්භයක් බවත් නායකයා වුණත්

වැරැද්දක් කරනවා නම් එය පෙන්වා කතා කිරීමේ නිදහස යනු සම්පාදනුකුල වහල් දේශපාලනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඇතුලු‍ වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තර්ක විතර්ක ඉදිරිපත්වීම තුළ අවසානයේ හොද ප්‍රතිඵලයක් නිර්මාණය වන බවත් එය වහල් බාවයෙන් පවුල් දේශපාලනයෙන් හා ආගමත් විකුණන් කන පවුල්වාදී දේශපාලනයෙන් බැහැර වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, කතා කිරීමේ නිදහස, විරුද්ධ වීම නිදහස ඇති මැද මාවත සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යාම සමගි ජන බලවේගයේ අරමුණ බවද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බුදුරජානන් වහන්සේ පවා දූෂණය වංචාව ප්‍රතික්ෂේප කළ නමුත් රටේ ජනතාව වහලු‍න් බවට සිහින මවන මහා පවුල් දේශාභිමානයෙන් බුද්ධාගමත් පෙරටු කරගෙන ජනතාව රවටමින් රට බේරගන්නා නාමයෙන් පෙරට පැමිණ අවසානයේ රටේ සම්පත් හා මුදල් හොරකම් කරමින් ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට ලක්ෂ 220ම රටේ සම්පත් හොරා කෑ හොරු රැල අධිකරණය ඉදිරියට ගෙනවිත් අහිමි වූ සම්පත් නැවත අත්පත් කරගැනීමට කැමැත්තෙන් සිටින බවත් පැවසීය.
කෑගල්ල සහ ගලිගමුව වාර්තාකරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment