තලාතුඔය බෝම්බ බියක්

1160

තලාතුඔය පොලිස් වසමේ දී අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාෂක උන්ඩයක් ස්වයන්ක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
තලාතුඔය පොලිස් වසමේ මයිලපිටිය ප්‍රදේශයේ මහනුවර පදියපැලැල්ල මාර්ගයේ 16වෙනි කිලෝමිටර් කනුව අසල අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාෂක උන්ඩයක් ස්වයන්ක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ නවයක් ඇතුලු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව තලාතුඔය පොලිසිය පවසයි.
තලාතුඔය පොලිස් නිලධාරින්හට ලැබුනු තොරතුරකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන ඇත.
මෙම සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශෙෂ කාර්‍ය බලකායේ නිළධාරින් හට භාරදි නිශ්ක්‍රීය කිරිමට කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment