එක්සත් ජාතීන්ගේ සැසිවාරය අද ඇරඹේ

133


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18දා) ආරම්භ වීමට නියමිතව ඇත

සාමයල සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම, යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරය පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදා වන අතර ජනාධිපතිවරයා ඊයේ :17* අලුයම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment