දකුණු පළාතේ පාසල්වලට නව විදුහල්පතිවරු

649


දකුණු පළාතේ විදුහල්පතිධුර පුරප්පාඩු පවතින පාසල් සදහා නව විදුහල්පතිවරු 452 දෙනෙකු ඉදිරියේ එම පාසල් සදහා ස්ථානගත කිරිමට කටයුතු කරණ බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් තුන්වන ශ්‍රේණියේ විදුහල්පති තනතුර සදහා බදවාගනු ලැබු විදුහල්පතිවරු 452 නෙකු දකුණු පළාතේ පාසල් සදහා ස්ථානගත කිරිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමුකොට ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි. දකුණු පළාතේ විදුහල්පතිධුර පුරප්පාඩු පවතින පාසල් සදහා විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් එම විදුහල්පතිවරුන් ස්ථානගත කිරිමට කටයුතු කරණ බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment