රයිගම් වෙතින් ‘නැණපෝෂ’ වෙළෙඳපොළට

96

රයිගම් සමූහ ව්‍යාපාරයේ වයඹ සෝල්ටන්ස් මගින් පසුගිය දෙවසර තුළ රයිගම් වයඹ සීරියල් නමින් නව උප සමාගමක් ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතිය යටතේ හඳුන්වාදෙන ප්‍රථම නිෂ්පාදනය ‘නැණපෝෂ’ නමින් වෙළෙඳපොළට හඳුන්වාදීම පසුගිය දා සිදු විය.

නැණ පෝෂ, බඩඉරිඟු, සෝයා, සහල් සහ මුං ඇට යන ධාන්‍යවල සුසංයෝගයක් වන අතර නවීන යන්ත්‍රානුසාරයෙන් ධාන්‍ය පිරිසිදුකර, අඹරා පිසගැනීමෙන් අනතුරුව පෝෂණ ගුණය නැංවීම සඳහා අතිරේක විටමින් පදාර්ථයන් ද එකතුකර ධාන්‍යමය ආහාරයක් ලෙස වෙළෙඳපොළට නිකුත් කෙරේ. මේ අනුව අපේ රටේ නිපදවන ධාන්‍යවල අඩංගු ස්වාභාවික පෝෂණ ගුණයට තවදුරටත් මුසුකරන විටමින් A, B1, B12, C, D3 සහ ඛනිජ පදාර්ථයන් එහි පෝෂණ ගුණය සමතුළිත කරන අතර මෙම නිෂ්පාදනය තුළ කෘත්‍රිම වර්ණක, රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ.

මේ සඳහා භාවිත කරන්නේ සියයට සියයක්ම දේශීයව සපයාගත් ධාන්‍ය වන අතර, එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම වයස්කාණ්ඩයක අයකුට අතිරේක පෝෂණය ලබාදෙන ප්‍රණීත ආහාරයක් වන අතර අග්ගලා, රොටි, වඩේ, පිට්ටු වැනි ආහාර වශයෙන් මෙන්ම කිරි සමග මිශ්‍ර කිරීම මගින්ද පිළියෙල කරගක හැකිය.

මෙම නව ව්‍යාපෘතිය යටතේ රජරට ගොවි ජනතාව සමග ගිවිසුම් ක්‍රියාවලියක් ඔස්සේ වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයේ සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවි පවුල් 1250ක් සම්බන්ධකර ගනිමින් හෙක්ටයාර 500ක පමණ සෝයා බෝංචි වගා කර ඇත.

මේ ඔස්සේ සෝයා බෝංචි වගාව සඳහා ඉහළ ප්‍රවනතාවක් ගොවි ජනතාව විසින් පෙන්නුම් කරන අතර සෘජුවම ගොවීන්ගෙන් අස්වනු මිලදී ගැනීම නිසා අතරමැදියන්ගේ සූරාකෑමද වැලකී ඇත.

මෙම වෘපෘතිය සඳහා අවශ්‍ය අමතර වෙනත් ධාන්‍ය වර්ග වන වී, බඩඉරිඟු සහ මුං ඇට ද සෘජුවම ගොවි බිම්වලින් මිලදී ගන්නා අතර එමගින් උසස් තත්ත්වයේ නැවුම් අස්වනු මිලදී ගැනීමට සහ ගොවිමහතුන් සඳහා ඉහළ මිලක් ලබාදීමට ද හැකි වී ඇත.

මේ පිළිබඳව කරුණු දැක්වීමට පැවැති මාධ්‍ය හමුවට රයිගම් ව්‍යාපාර සමූහයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, කළමනාකරණ අධ්‍යක්‍ෂ කිෂාන් තියඩෝර්, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ගණක අමරසිංහ, නැණපෝෂ සන්නාම නායිකා කවීශා තියඩෝර් යන අය එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment