ඉන්දියාව ආර්ථික ගිවිසුම් අත්සන් කරන හැටි මෝදි ඇමෙරිකාවේ දී පවසයි

283

ආර්ථික ගිවිසුම් ඇතිවිය යුත්තේ පුද්ගලයාගෙන් පුද්ගලයා අතර මිස රටවල් අතර නොවේ යැයි ද එනිසා ඉන්දියාව චීනය සහ රුසියාව අතර පමණක් ආර්ථික ගිවිසුම් ඇති කර ගන්නේ නැතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඇමෙරිකාවේ තෙදින නිල සංචාරය අතර පැවැති මාධ්‍ය හමුවේදීය. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෝදි මේ බව සඳහන් කළේය.

ඉන්දීය අගමැතිවරයාගේ මෙම නිල සංචාරය ඇමෙරිකානු මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබුණි.එහිදී ඉන්දීය අගමැතිවරයාට ඇමෙරිකානු ජනාධිපති ධවල මන්දිරයේ දී ලබාදුන් නිල රාත්‍රී භෝජන සංග්‍රහය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණි. ඉන්දීය අගමැතිවරයා නිර්මාංශික බැවින් ඔහුගේ රාත්‍රී ආහාරය සකස් කිරීම සඳහා ධවල මන්දිරය විශේෂ සූප වේදියෙක් වෙන්කර තිබුණි.

මෙම සංචාරයේදී ද්වි පාර්ශවීය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ අතර ගුවන් සහ නාවික සේවා සහ තාක්ෂණය සම්බන්ධ ගිවිසුම් ඒ අතර විය.ඊට අමතරව ඉන්දියාව 2024 වසරේදී ගුවන් ගත කරන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහා නාසා ආයතනය සහ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය එක්ව කටයුතු කිරීමේ ගිවිසුමකට ද අත්සන් තැබීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment