ඩීසල් ටික හරියට ලැබුණොත් සඳුදාට පාසල් යන දරුවන්ට හොඳ පොදු ප්‍රවාහන සේවයක් දෙනවා

87

ගැමුණු විජේරත්න කියයි

ඩීසල් ටික හරියට ලැබුණොත් සඳුදා (25 වැනිදා) පාසල් යන දරුවන්ට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදෙන්න පුළුවන්” යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසීය.

පෞද්ගලික බස් රථ සියයට 20 ක් ඊයේ (22 වැනිදා) දිනයේ ධාවනය වූ බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේ ද කීය.

දැන් ලබන සඳුදා (25 වැනිදා) පාසල් ආරම්භ වෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා තියෙනවා. බස් රථවලට ප්‍රමාණවත් ඉන්ධන ලැබුණොත් දරුවන් පාසල් වෙත අරන් යන්න පුළුවන්. ඉන්ධන ටික ටික ලැබෙනවා. ඒත් සමහර ලංගම ඩිපෝවලින් නිසියාකාරව ලැබෙන්නේ නැහැ කියලා දැන ගන්න තියෙනවා.

බස් රථවලට ඉන්ධන දෙන එක තව තවත් කාර්යක්ෂම කළොත් හොඳයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment