දෑත ළයේ බැඳ නිහඬව සැතපෙන ගාන්ධර්වයාණෝ…

558

අභාවප්‍රාප්ත වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, හෙළයේ මහා සංගීත වේදියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නුගේගොඩ, ඇඹුල්දෙනිය පිහිටි නිවසට දිවයිනේ නන්දෙසින් කලාකරුවෝ, සංගීත ලෝලීන් විශාල පිරිසක් ඊයේ (29 දා) දිනයේ පැමිණියහ.

දේහය දැනට ඇඹුල්දෙනිය, පළමු පටුමග, පරණ කොට්ටාව පාරේ අංක 10 බී දරන නිවසේ තැන්පත් කර තිබේ.

එලෙස තැන්පත් කර ඇති දේහය ලබන සෙනසුරාදා (01 දා) පෙරවරු 8.30 දක්වා එම නිවසේ තැන්පත් කර තැබෙන අතර පසුව එදින පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා එම දේහය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිiාලයේ තැන්පත් කර තැබෙනු ඇත.

ඉන් අනතුරුව එදිනම දහවල් 12.30 සිට පස්වරු 2.00 දක්වා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පරිශ්‍රයේ මහජන ගෞරව සඳහා තැන්පත් කෙරෙනු ඇත. පසුව සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය කරා පැමිණීමෙන් අනතුරුව සවස 3.00 ට අවමඟුල් උත්සය පැවැත්වෙන බවත්, සවස 5.00 ට දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති විශාරද ජානක වික්‍රමසිංහ මහතා “දිවයින”ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment