නිල ඇඳුමෙන් ආ පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ගේ පැත්තේ හිටගනියි

189

මගේ රැකියාව නැතිවේවි. ඒ ගැන මට දුකක් නැහැ. රටේ අම්මලා, තාත්තලා, දුවා දරුවො පෝලිම්වල දුක්විඳිනවා. නිල ඇඳුම් දාගෙන අපි කොහොමද මේවා දැක දැක වාවගෙන ඉන්නේ. රට වෙනුවෙන් හඬ නගන ජනතාවට බැටන් පොලු පහරවල් එල්ල කරන්න එපා. ඒ පහර වදින්නේ ඔබේ දරුවන්ට සහ අනාගත දරු පරපුරටයි. පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) ගාලුමුවදොර විරෝධතාවය පැවැත්වෙන භූමියට නිල ඇඳුමින් පැමිණි පොලිස් සැරයන්වරයෙක් එසේ සඳහන් කර සිටියේය.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් එම සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ ක්‍රියාකලාපය විනයගරුක සේවාවක් වන ශ්‍රී ලංකා පොලිසියට බරපතළ අපකීර්තියක් එක්කර තිබෙන බවය. පොලිස් නිලධාරියකු වශයෙන් රාජකාරි කිරීමේදී එම සේවය සඳහා නීතියෙන් නියමවී තිබෙන රාජකාරි සීමාවේ කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් නිලධාරියාට එරෙහිව විනයානුකූලව ක්‍රියාකිරීමට අමතරව අනාවරණය වන තොරතුරු මත වෙනත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment