SLIIT 2024 වසර සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහ අධ්‍යාපනපති උපාධි පාඨමාලා පිරිනමමින්, සිසුන්ගේ අනාගත අධ්‍යාපන අපේක්ෂාවන් පුළුල් කරයි

266

සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය වර්ධනය කරමින් සහ තරගකාරී ලෝකය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා හා දැනුම ලබාදීමට කැපවී කටයුතු කරන SLIIT ආයතනය, අනාගත සිසුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව (Postgraduate Diploma in Education) සහ අධ්‍යාපනපති (Master of Education) යන උපාධි පාඨමාලා පිරිනැමීමට පියවර ගෙන ඇත.

2024 වසරේ අධ්‍යයන වර්ෂය සඳහා SLIIT විසින් මෙම ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාව ඉදිරපත් කර ඇති අතර අධ්‍යාපනපති උපාධි පාඨමාලාව ජනවාරි මසදී සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව පෙබරවාරි මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය.

අධ්‍යාපනපති උපාධි පාඨමාලාව (Master of Education) එසේ ආරම්භ කෙරෙන අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ 9 වන මට්ටමේ පාඨමාලා කාලය මාස 12 කි. එම පාඨමාලාවේ 10 වන මට්ටමේ පාඨමාලා කාලය මාස 24 ක් වේ. මෙම පාඨමාලා සති අන්තයේදී පැවැත්වීමට නියමිතය.

මෙම උපාධි පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සමාසික (Semester) ක්‍රමයට පැවැත්වෙන අතර, එක් එක් සමාසිකය අවසානයේ දී ඊට අදාළ විභාග පවත්වනු ලබයි. ඒ අනූව පාඨාලාභීන්ගේ කැමැත්ත මත මාස 12 හෝ මාස 24 පාඨමාලා හැදෑරීමට අවස්ථාව ඇත. මාස 24 පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව පාඨාලාභීන් හට ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවකාශය හිමිවන අතර ඔවුන්ට ඒ සඳහා සෘජුව ම ලියාපදිංචි වීමට හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment