රජ මගුල්වලට බිල් නොදුන් ආණ්ඩුව සිරිපාදෙටත් විදුලි බිලක් දීලා

108

විපක්‍ෂ නායක සජිත්

රටේ සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිතවූ ස්ථානයක් ලබාදී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට පවා විදුලි බිලක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති බවත්, එසේ ශ්‍රී පාදස්ථානයට විදුලි බිලක් ලබාදුන්නත් රජ මඟුල්වලට පසුගිය කාලයේ විදුලි බිල් ලබාදී නැති බවත් ශ්‍රී පාදස්ථානයට වඩා වලව් හා එහි කුමාරවරු සහ ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් උතුම්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එසේම රටේ බලශක්ති ඇමැතිවරයා කැබිනට් තීන්දු හා රටේ නීති කඩකර 3 වැනි වතාවටත් සියයට 400කට වැඩි විදුලි බරක් ජනතාව මත පටවා ඇති බවත්, ලක්‍ෂ 220ක ජනතාව අසහනයට පත්වන විට රටේ පාලකයන් සුන්දර ජන ජීවිතයක් ගත කරන බවත් රජය මේ සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බවත් හෙතෙම කීය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියේ සක්වල වැඩසටහනේ 38වැනි වැඩසටහන මීරිගම කඳන්ගමුව මහා විදුහලට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment