‘ෂි යැන් 6’ කොළඹ වරායට

104

ෂි යැන් 6 නම් චීන පර්යේෂණ නෞකාව ඊයේ කොළඹ වරායට ළඟාවිය. මෙම නෞකාව දින 25ක පමණ කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය.

චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබූ අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. එසේම අමෙරිකානු රජයත් මේ නැවේ ලංකා ගමන පිළිබඳ විරෝධය දක්වා තිබිණි.

ඉන්දීය ආණ්ඩුවේ විරෝධය හමුවේ වුවද චීන පර්යේෂණ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ද පසුගිය දා අවසර ලබාදුන්නේය. එම නෞකාව නාරා ආයතනය සමග එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිතය. එසේම මෙම නැව හම්බන්තොට වරාය වෙතත් ගමන් කිරීමට නියමිතය.

පසුගිය වසරේ මෙරටට පැමිණි පර්යේෂණ නෞකා අතර මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව ද විය. එහි ලංකා ගමනටත් ඉන්දියාවේ විරෝධය එල්ල විය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment