ත්‍රිරෝදය මතට විශාල මාර ගසක් වැටිලා

73

පූජාවට ගිය මව – දරු දෙදෙනා සහ රියැදුරුගේ ජීවිත නූලෙන් බේරෙයි

ගම්පොළ අටබාගෙ දෙමළ විද්‍යාලයේ පැවති පූජාවකට පැමිණි මවක් හා දරු දෙදෙනා රැගත් ත්‍රිරෝද රථය මතට විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුවී තිබේ.

ත්‍රිරෝද රථයේ සිටි මව, දරු දෙදෙනා හා රියදුරු ඉන් බැස ගොස් විනාඩි කිහිපයකින් පසු මෙම විශාල ගස මෙසේ වැටී ඇති බව ඔවුන් පවසති. පාසලේ පැවති විශේෂ සරස්වතී පූජාවක් සඳහා අටබාගේ වත්තේ පදිංචි මෙම පිරිස ගොස් තිබුණි. පසුව ප්‍රදේශවාසීන් හා වත්තේ කළමනාකාරිත්වය එක්ව දොඹකර රථයක ආධාරයෙන් මෙම ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment