කසිප්පු පෙරා කොටු වූ චීනුන් දෙදෙනාට රු.180,000ක් දඩ

137

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක් කුලී පදනම මත ලබාගෙන නීති විරෝධීව මත්පැන් ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ චීන ජාතිකයන් දෙදෙනකුට රුපියල් එක්ලක්‍ෂ අසූදහසක දඩයක් ගෙවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (25දා) නියෝග කළේය.

චීන ව්‍යාපෘතියක රැකියාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ එම ජාවාරම කර තිබූ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා වීසා බලපත්‍ර කාලය අවසන් වීමෙන් පසුවත් වලංගු විසා බලපත්‍ර නොමැතිව රැඳී සිටින බව අනාවරණය වූයෙන් පෙර කී දඩයට අමතර රුපියල් ලක්‍ෂයක දඩයක් ගෙවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම චීන ජාතිකයන් ඊයේ (25 දා) අධිකරණය හමුවේදී නීති විරෝධි මත්පැන් බෝතල් 133 සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට හා වීසා බලපත් නොමැතිව රට තුළ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment