ලංවිම 15කගේ සේවය අත්හිටුවීම සමස්ත ජනතාවගේම කට වැසීමක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

51

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව උද්ඝෝෂණය කළ සේවකයන් 15 දෙනකුගේ සේවය අත්හිටුවීම සමස්ත ජනතාවගේ කට වහන්න හදන වැඩපිළිවෙළක ආරම්භය යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය.

“විදුලි බල මණ්ඩලයේ සේවකයන් බිලිබා ගෙන මේ හදන්නේ පාරිභෝගිකයා පාවිච්චි කරලා නව පණත සම්මත කරගන්න, පනතට විරුද්ධව සටන් කරපු සේවක මර්දනය කරන්නයි” යැයි ද ඔහු කීවේය.

ඔහු මෙසේ ද කීවේය.

පාරිභෝගික අපිට නැති ප්‍රශ්නය ඇමැතිට පහළ වෙලා. විදුලි බල මණ්ඩලයේ කවුන්ටර් වැහිලාලු.

ඇමැති විමර්ශනයක් කරාද ඒ දින තුළ ආදායම අඩු බවට. ඇමැතිට පාරිභෝගිකයන් ගැන කරුණාව පහළ වෙලා නම් සේවකයන් අස් කරන එක නවත්තලා විදුලි බිල සියයට තිස් පහකින් අඩු කරන්න. අපට පේන්නේ හොරාට කලින් ඇමැති වැට පැනලා විකුණුම්කරණය කඩිනම් කරන බවයි.

සේවක උද්ඝෝෂණය පැවති දිනවල පාරිභෝගිකයන් හැටියට අපට අඛණ්ඩව විදුලිය ලැබුණා. පාරිභෝගික අපිට බිල් ගෙවන්න බැංකු, තැපැල් කන්තෝරු, ඊබිල් ක්‍රමය අපට තිබුණා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment