විනිසුරුවරුන් 54කට ස්ථාන මාරු

504

දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පනස්හතර දෙනකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති විනිසුරුවරුන් 2024 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට නව සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. දිසා විනිසුරුවරුන් 26 දෙනෙකුට ද මහෙස්ත්‍රාත්වරුන් 27දෙනෙකුට ද එලෙස සේවා ස්ථාන මාරුවීම් සිදු කොට ඇති බව ද අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment