උත්සව සමයේ නීති කැඩු වෙළෙන්දන් 726 කට නඩු

121

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී  පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි . මෙම වෙළෙන්දන් මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ  විශේෂ වැටලීම්  විමර්ශන ඒකකය කියයි. මෙම ඒකකය මගින් පසුගිය කාලය තුළ දිවයිනේ ස්ථාන 7,627ක මෙලෙස වැටලීම් සිදුකොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment