සනත්ට චමරි සමවෙයි

939

ලොවෙහි බලවත්තු
පරදලා ජයගත්තු
චමරි අතපත්තු
දැයට හිමිවුණ සුපිරි වස්තු
– (අනුරාධ)

ලොව එක්දින කාන්තා ක්‍රිකට් තරග පිතිකරණයේ ශ්‍රේණිගත කිරීම්වල අංක 01 හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වීමත් සමග ඇය ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හා සමතැනකට පත්වූවාය. දෙදෙනාම වමතින් පිති හසුරුවන අය වීමද විශේෂත්වයකි.

එනම් පිරිමි අංශයෙන් මෙම වාර්තාවට ශ්‍රී ලංකාවෙන් හිමිකම් ලැබූ එකම ක්‍රීඩකයා වූයේ සනත් ජයසූරිය පමණි.

චමරි අතපත්තු මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මෙතෙක් අංක 01 හි සිටි ඔස්ට්‍රේලියාවේ බෙත් මොනී පරාජය කරමිනි. ඇය ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 754 ක් ලබා අංක 01 හිමිකරගෙන සිටි අතර චමරි ශ්‍රේණිගත කිරීම් ලකුණු 758 ක් ලබා ඇය පරදා අංක 01 බවට පත් වූවාය.

නිමාවට පත්වූ නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී චමරි ශතක 2 ක් සමග ලකුණු 248 ක් රැස් කිරීමත් සමග ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණියහ.

33 හැවිරිදි ඇය එක්දින තරග 95 කට සහභාගි වී ඇති අතර ශතක 8 ක් හා අර්ධ ශතක 15 ක් සමග ලකුණු 3199 ක් රැස්කරගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment