ඇහැටුවැව ශිෂ්‍යත්වය ලියූ දැරිය කුපාඩියකු පැහැර ගෙන යන්න හදලා

398

ගල්ගමුව – ඇහැටුවැව එරියාව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක විභාගය අවසන් වී නිවස බලා යෑමට දෙමාපියන් එනතුරු රැඳී සිටියදී පිටස්තර පුද්ගලයකු විසින් ඇයව රවටා පැහැරගෙන ගොස් තිබේ.

දෙමාපියන්ට ඒමට නොහැකි බව කියමින් දැරිය මුළාකොට මෙම පැහැරගැනීම කර තිබේ. යාබද කැලයකට දැරිය රැගෙන යද්දී පිරිසකගේ අවධානය යොමුවීමත් සමග දැරිය අතහැර මෙම පුද්ගලයා පළාගොස් තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට අඹන්පොල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ගල්ගමුව – කුමා රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment