එකවරම දකුණට හරවන්න ගිය ත්‍රිරෝදය බසයේ ගැටී කතුන් 5ක් ඇතුළු 17කට තුවාල

391

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ මගීන් රැගත් ලංගම බස් රථයක් ඊයේ (08 දා) උදෑසන කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේදී පන්සලට හීල් දානය රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් 5 දෙනකු ඇතුළු 17 දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

තුවාලකරුවන් 10 දෙනකු කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවත්, එක් අයකුගේ

තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් හැටකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූවන් අතර බස්රථ රියදුරු සහ ත්‍රිරෝද රථ රියදුරුද වන බව සදහන් වේ. අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ පැවති වාහන තදබදය කළුතර දකුණ පොලිස් නිලධාරීන් එක්ව යථා තත්ත්වයට පත්කරන ලදී. කළුතර ගල්අස්ස ප්‍රදේශයේ දී බස් රථයට ඉදිරියෙන් ගමන් ගත් අසල

විහාරස්ථානයකට හීල්දානය රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව බස් රථය මාර්ගයේ අනෙක් පසට ඇදීගොස් අසල තිබූ කාණුවකට වැටී නතරව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශ ස්ථානාධිපති පො.ප. වික්‍රම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන් වන ජීවක (10946) සහ රාජපක්ෂ (72087) පරීක්ෂණ පවත්වති.
වාද්දුව – සුමිත් පොතුපිටිය, ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment