පොලොන්නරුව පූජා භුමි රක්ෂිතයේ සතුන් මරන්න ඇටවූ උගුල් ගලවා ඉවත් කරයි

41

පොලොන්නරුව ඓතිහාසික අටමස්ථාන පූජා භුමිය රක්ෂිතයේ සැරිසරණ මුවන් මැරීම සඳහා රක්ෂිත කැළෑව තුළ අටවා තිබූ මදු 36 ක් ගලවා ඉවත්කර දැමීමට පොලොන්නරුව පොලිස් නිලධාරීන් වනජීවි කාර්යාලය නිලධාරීන් වන රක්ෂණ නිලධාරීන් එක්ව කරන ලද මෙහෙයුමකදි සමත්වී තිබේ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක යන අයගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර තිබුණි.

ඓතිහාසික පූජා භූමියට අයත් රක්ෂිත කැළෑව තුළ මදු උගුල් ඇද මුවන් ඇතුළු වන සතුන් මැරීම දඩයම්කරුවන් විසින් කාලයක් තිස්සේ කර ගෙන යන බවට පොලිස් නිලධාරීන් ට තොරතුරු ලැබීමෙන් පසු මෙම වැටලීම සිදුකළ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු සඳහන් කළේය. රක්ෂිත කැළෑව තුළ තැනින් තැන මදු උගුල් 36 ක් අටවා තිබුණ බවද පොලිස් නිලධාරීන් කියයි.

මෙම වැටලීම සඳහා නිලධාරීන් පනස් දෙනෙක් පමණ සහභාගිවී තිබේ.
ඇලහැර නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment