මඩකලපුවෙන් නවීන අත්බෝම්බ මතුවෙයි

67

මඩකලපුව මූලස්ථාන කොට්ඨාසයට අයත් මඩකලපුව සින්න උපෝඩයි ගඟබඩ පාරේ කලපු ප්‍රදේශයේ තිබී නවීන ප්‍රබල අත්බෝම්බ 4ක් සොයා ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානයේ වැඩබලන අපරාධ මර්දන නිලධාරි අයි.පී. රාජිත මහතා පවසයි.

මඩකලපුව කලපු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු මේ ගැන එම මාර්ගයේ ගමන් කරමින් සිටි නීතිඥයෙකුට දැනුම් දීමෙන් නීතිඥවරයා පොලීසියට ලබාදුන් තොරතුරක් මත අත්බෝම්බයක් සොයා ගෙන ඇත. එම බෝම්බය සොයා ගැනීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුළත එම ප්‍රදේශයෙන් තවත් අත්බෝම්බ තුනක් ද සොයා ගැනීම විශේෂත්වයකි.

එම ස්ථානයට වහා පැමිණි විශේෂ මෙහෙයුම් බළකාය පැවසුවේ මෙම අත්බෝම්බ සිංගප්පූරුවේ නිෂ්පාදිත ඒවා විය හැකි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව සමූහ ටී.එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment