කුණු කසළ එකතු වී ගාල්ල ධීවර වරායේ දැඩි දුගඳක්

32

විශාල වශයෙන් කුණු එකතු වී ගාල්ල ධීවර වරාය ප්‍රදේශයේ විශාල දුගඳක් හමන බව මාළු ගෙන යෑමට පැමිණෙන වෙළෙන්දෝ පවසති. තැන් තැන්වල දකින්නට ඇති අපද්‍රව්‍ය වරාය භූමිය තුළ ගොඩගසා තිබේ. බල්ලන් සහ කපුටන් විශාල වශයෙන් මෙම කුණු ගොඩවල් ආශ්‍රිතව දක්නට හැකිය. මාළු වෙළෙඳාම් කෙරෙන තැන්වල ද මෙම සතුන් දැකිය හැකිය. මාළු වෙළෙඳාමේ යෙදෙන අය පවසන අන්දමට ගාල්ල නගර සභාව කුණු රැගෙන නොයන බැවින් මෙවැනි තත්ත්වයක් උදාවී තිබේ. ඩෙංගු විශාල වශයෙන් පැතිරී ඇති මෙවැනි කාලයක මේ අන්දමට විශාල වශයෙන් කුණු එකතු වී තිබීම මහජනයා ගැවසෙන මෙවැනි ස්ථානයක ඇති අනතුරුදායක තත්ත්වය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ද සාකච්ඡා කර ඇත.

කුණු ගොඩවල් දිනෙන් දින වැඩි වෙන අයුරු දක්නට හැකිය.
අක්මීමන – කේ. මතිලාල්

advertistmentadvertistment
advertistmentadvertistment