තලපත්කන්දේ දී ඉන්ධන බවුසරයේ ගැටුණු සද්දන්තයා මරුට

73

හබරණ ත්‍රිකුණාමලය මහා මාර්ගයේ කිලෝමීටර් 119 කණුව තලපත්කන්ද ප්‍රදේශයේදී ඊයේ (08 දා) අලුයම 1.30ට පමණ ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටීමෙන් වන අලියෙකු මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ හුරුලු පාරිසරික වනෝද්‍යානයේ විසූ අඩි 7 1/2ක් පමණ උසැති අවුරුදු 15 ක් 20 පමණ වයස කෙනෙරක බව වනජීවී නිලධාරීහු කියති.

හුරුලු පාරිසරික උද්‍යානයේ සිට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය වෙත යෑමට ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව තිබෙන බවද එම නිලධාරීහු පැවැසූහ.අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08 දා) පැවැත්වීමට නියමිතව තිබිණි. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු සහ ගල්ඔය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ සිදු කරයි.
කරුණාරත්න ගමගේ – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment