කළු ලෝගුව පසෙකලා ලෝයර්ස්ලාගෙන් ෆැෂන් ෂෝ එකක්

2912

ලෝයර්ස්ලා නිකං එනකොට කලාකරුවෝ සල්ලි ඉල්ලති
චූලා මොකක්ද මේ කරන්න හදන්නේ
මේක චැරිටි වැඩක්

චූලා පද්මේන්‍ද්‍ර කියන්නේ නිරූපණ ක්‍ෂේත්‍රයේ නම්දරා සිටින චරිතයක්. ජාත්‍යන්තරය පවා නියෝජනය කළ චූලා නිතරම ටිකක් වෙනස් විදිහට හිතල වැඩ කරන චරිතයක්. ඔන්න චූලා මෙදාපාර ලංකාවේ පළමුවතාවට නීතිඥ වෘත්තිකයන් පමණක් මෝස්තර නිරූපණයේ යෙදෙන නීතිඥ විලාසිතා දැක්මක් ”fashion for Freedom” නමින් එළැඹෙන ඔක්තෝබර් මස 07 වැනිදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පවත්වන්න අදහස් කරල තියෙනවා. චූලා මොකටද මේ නීතිඥයෝ එක්ක ෆැෂන් ෂෝ එකක් කරන්නේ. මොකක්ද මේකෙ අරමුණ. ඉතිං මේ කාරණා ටික නිරාකරණය කරගන්න හිතාගෙනම අපි චූලාට කතා කළා.

කළු ලෝගුව පසෙකලා ලෝයර්ස්ලාගෙන් ෆැෂන් ෂෝ එකක්

චූලා නීතිඥ නෝනලටයි මහත්තයලටයි විලාසිතා කියල දෙන්න හිතුවේ ඇයි?

ඇත්තටම මමත් නීතිඥ නිරූප සේරසිංහ නීතිඥවරයාත් එකතුවෙලා අමෝරි කියලා ගොඩනඟාගත් සංවිධානය හරහා තමයි මෙම විලාසිතා දැක්ම කරන්න අදහස් කළේ.

● මේ වැඩේ අරමුණ මොකක්ද?

ගරු අධිකරණයෙන් දඩ මුදල නියම කළාට පස්සෙ එම දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිව ආපසු බන්ධනාගාරගත වන කාන්තාවන්ට එම දඩ මුදල ගෙවා දැමීමටත් වගේම නීතිමය දායකත්වය සපයලා ඒ කාන්තාවන් නිදහස් කර ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ඒකට ආධාර පිණිස තමයි මේ ෆැෂන් ෂෝ එක කරන්නේ. ඒ කාන්තාවන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීමට අවශ්‍ය පරිසරය සකස්කර ගැනීමට සහාය ලබාදීමේ අරමුණත් මෙහිදී තියෙනවා.

කළු ලෝගුව පසෙකලා ලෝයර්ස්ලාගෙන් ෆැෂන් ෂෝ එකක්

● කවදද, කොහෙද මේ වැඩේ තියෙන්නේ?

ඔක්තෝබර් 07 වැනිදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ, රාත්‍රි 7.00 ට තමයි පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් ෆැෂන් ෂෝ එකක් කිව්වහම සහභාගි වෙන්නේ වෘත්තීය නිරූපිකාවන්නේ. ඉතිං මට මේක ලොකු අභියෝගයක්. මේ ෆැෂන් ෂෝ එකට වෘත්තීය නිරූපිකාවෝ සහභාගි වෙන්නේ නැහැ.

● එහෙනම් කවුද සහභාගි වෙන්නේ?

මෙහිදී මම නීතිඥ මහත්ම මහත්මීන් යොදාගෙන ඔවුන්ව පුහුණු කරලා තමයි ෆැෂන් ෂෝ එක කරන්න හදන්නේ. ලෝයර්ස්ලාගේම ෆැෂන් ෂෝ එකක් මම කොහේවත් දැකල නෑ.

කළු ලෝගුව පසෙකලා ලෝයර්ස්ලාගෙන් ෆැෂන් ෂෝ එකක්

● වැඩේ හිතන තරම් ලේසි නැහැ නේද?

මම ඉතිං හැමදාම අභියෝග භාරගන්න කැමතියිනේ.

● මේකට ඕනෑම නීතිඥ මහත්මයෙකුට මහත්මියකට සහභාගි වෙන්න පුළුවන්ද?

ඔව් ලංකාවෙ ඉන්න ඕනෑම නීතිඥ මහත්මයෙකුට හෝ මහත්මියකට එළැඹෙන 8 වැනිදාට අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලත් ආරාධනා කරනවා. මොකද එතැනදී අපි සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වනවා, මගේ මූලිකත්වයෙන්. එතැනින් අවශ්‍ය කට්ටිය එකතු කරගෙන තමයි අපි ෆැෂන් ෂෝ එක කරන්න බලාපොරොත්තු වුණේ. ලංකාවෙ ඉන්න හොඳම ඩිසයිනර්ස්ලා දහදෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා.

කළු ලෝගුව පසෙකලා ලෝයර්ස්ලාගෙන් ෆැෂන් ෂෝ එකක්

● නීතිඥ නෝනලටයි මහත්තයලටයි ෆැෂන් කරන්න පුළුවන් වෙයි ද?

ගොඩක් වෙලාවට අපි ඔවුන්ව දකින්නෙ සංවේදී නැති මිනිස්සු විදිහට. මගේ ගොඩක් නීතිඥ යාළුවො ඉන්නවා. හැබැයි ඒගොල්ලො සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හරි සංවේදියි. මොකද ඒගොල්ලො අපිට වඩා උසාවියේදී ගැටලු දකිනවා.

● මේක ඇත්තටම සමාජ සත්කාර්යයක් ද?

ඇත්තටම මේකෙ තියෙන්නෙ සමාජ සද්කාර්යයක් තමයි. ලෝයර්ස්ලා එක්ක කරන එක අපිට ලොකු හයියක්. මොකද ඒගොල්ලො නීතිය දන්නම කට්ටිය. උසාවියෙන් නිදහස් කරලත්, ඒගොල්ලන්ට දඩ මුදලක් ගෙවාගන්න බැරි හින්ද ආපහු බන්ධනාගාරගතව ඉන්නවා කියන්නේ අපරාධයක්. ඒ මිනිස්සුන්ව බන්ධනාගාරයේ තියාගන්නව කියන්නේ රජයට පාඩුවක්.

● මේ රාත්‍රිය ඇත්තටම මොනවගේ වෙයිද?

නීතිඥ මහත්ම මහත්මීන් ගේ දක්‍ෂතා පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ වගේම අපෙත් එක්ක කලාකරුවොත් සම්බන්ධ වෙනවා. අපි තවම ඒක කන්ෆර්ම් කරගෙන යනවා. ගොඩක් වෙලාවට අද කාලෙ නොසිතූ ලෙස ගොඩක් ආර්ටිස්ට්ලා චැරිටි කිව්වහම මුදලක් ම බලාපොරොත්තු වෙනවා. නීතිඥවරු සංවේදී නැහැ කිව්වට ඔවුන් හරි සාවේදියි. ගොඩක් වෙලාවට මුදල් නොගෙන කතා කරන නඩු තියෙනවා. හැබැයි අපි සංවේදී කියන අපේ කලාකරුවෝ, මේ වගේ දෙයක් කිව්වහම ගොඩක් වෙලාවට මුදලක් බලාපොරොත්තු වෙනවා.

● මේ වැඩේට කලාකරුවොත් ඉන්නවාද?

අපේ බලාපොරොත්තුවක් තියෙනවා සහභාගි කරගන්න. දැනට සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි සල්ලි දීලා මේ වැඩේ කළහම අපිට හම්බවෙන සල්ලිවලින් අපිට කරන්න තියෙන වැඩේ කරන්න බැරි වෙනවානේ. මොකද ලොකු ගණන් මේ ආර්ටිස්ට්ලා ඉල්ලන්නේ.

● ලෝයර්ස්ලා නොමිලේ ආවට කලාකරුවො චූලාගෙන් සල්ලි ඉල්ලුවාද?

ඔව්, ඔව්, මට හිනාත් ගියා. මේක චැරිට් එකක් කියලා කියද්දිත් චැරිට් කරන්න බැහැනේ ඉතිං අපිට. අපි මිනිස්සුන්ව මනින විදිහ හරි වෙනස් වෙන්න ඕනෑ කියන මතයේ ඉන්න ඕනෑ. අපි කියනවා ලෝයර්ස්ලා මෙහෙමයි කියලා. ලෝයර්ස්ලා තමුන්ගේ මහන්සියෙන් තමුන් ගේ අතින් සල්ලි වියදම් කරලා මේකට ඉදිරිපත් වෙනවා. හැබැයි අපි සංවේදී කියන කලාකරුවෝ මේ වගේ දෙයක් යද්දී අපෙන් මුදල් අයකරන තත්ත්වයට පත්වෙලා තියෙනවා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment