බැංකු පොලී අඩුවනවා දැයි නන්දලාල් ඇහැ ගහගෙන

552

මහ බැංකුව විසින් සිදුකළ පොලී අනුපාත අඩු කිරීමට අනුව වානිජ බැංකුද පොලී අනුපාත අඩු කළ යුතු බවත් බැංකු විසින් එසේ නොකළ හොත් ඒ සඳහා නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මහ බැකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 2 කින් ඉකුත් බ්‍රහස්පතින්දා (06දා) අඩු කළේය. මීට අනුරූපව බැංකුවල පොලී අනුපාතද අඩුවිය යුතු යැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

බැංකුවල පොලී අනුපාත අඩුවීමට කිසියම් කාලයක් යන බවත් එහෙත් ඒ සඳහා බැංකු ඉක්මනින් පියවර නොගතහොත් ඒ සඳහා මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගනිමින් මැදිහත් වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment