කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ඊයේ විවෘත වූ මොහොත

343

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව වැඳ පුදා  ගැනීමට ගමන් කළ හැකි ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ විවෘත විය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට සහභාගි විය.

කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ඊයේ විවෘත වූ මොහොත

අපේ රටින් සියක්නමක් මහා සංඝරත්නය ද එම අවස්ථාවට වැඩම කළහ. එහි මුල්වරට ගොඩබැස්ස වූයේ ශී‍්‍ර ලංකන් සමාගමට අයත් ඹඛ1147 ගුවන්යානයයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එම ගුවන්යානය එහි යැවිණි.

කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ඊයේ විවෘත වූ මොහොත

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කපිලවස්තුපුර ධාතූන් වහන්සේලා ගුවන් යානයට වැඩම කරවීම ද සිදුවිය. එම ගුවන්යානය මෙරටින් පිටත් වූ අවස්ථාවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටි අතර ඉන්දියාවට ගිය ප‍්‍රථම දුත පිරිසට විජිත බේරුගොඩ, සිසිර ජයකොඩි, එස්. බී. චානක යන රාජ්‍ය ඇමැතිවරු ද ජීවන් තොණ්ඩමාන් මහතා ද එක්ව සිටියහ.

කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ඊයේ විවෘත වූ මොහොත
කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ඊයේ විවෘත වූ මොහොත
advertistmentadvertistment
advertistmentadvertistment