සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර 9 වන ස්ථානයට

689

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම, 2021 වර්ෂයේ මෙරට ජනතාවගේ වඩාත් ගෞරවයට සහ ප‍්‍රශංසාවට ලක්වූ ආයතන අතුරින් 9 වන ස්ථානයේ ශ්‍රේණිගත වෙමින් සුපුරුදු පරිදි තවත් වර්ෂයක ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට පාත‍්‍ර වූ රක්ෂණ සේවා සපයන්නා බවට පත්වෙයි.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර 9 වන ස්ථානයට


 LMD සඟරාවේ 17 වන වාර්ෂික සංස්කරණය මගින් සිදුකළ වඩාත් ගෞරවයට සහ ප‍්‍රශංසාවට ලක්වූ ආයතන ශ්‍රේණිගත කිරීමට අනුව මෙම නිවේදනය සිදුකොට ඇත.

 සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී යටතට මෙරට ප‍්‍රමුඛතම රක්ෂණ සමාගම් දෙකක් වන සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් යන සමාගම් ඇතුළත් වේ. මෙම සමාගම් දෙකම සාමාන්‍ය සහ ජීවිත යන රක්ෂණ වෙළෙඳපොළේ ප‍්‍රමුඛයන් ලෙස සිය ආධිපත්‍ය පවත්වාගෙන සිටී. පසුගිය වසරේ සිට ස්ථාන තුනක් ඉහළට පැමිණෙමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, මානව සම්පත් සහ පුද්ගල කළමනාකරණ අංශයෙන් 4 වන ස්ථානයට පැමිණ ඇති අතර ආයතනික ගුණාත්මකභාවය, කළමනාකරණ සැකැස්ම, ආයතනික සංස්කෘතිය සහ දැක්ම යන ගුණාංගයන් පිළිබඳව සිදුකළ ශ්‍රේණිගත කිරීමෙන් 5 වන ස්ථානයට පැමිණ තිබේ. එමෙන්ම සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ශ්‍රේණිගත කළ සුවිශේෂ ගුණාංග 12 කින් 10 කම මුල් දසදෙනා අතරට පැමිණීමට සමත්ව ඇත. LMD සඟරාව නීල්සන් සමාගම සමග එක්ව සිදුකළ සමීක්ෂණයක් පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති අතර එ් සඳහා ලැයිස්තුගත සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 800 ක මනා දැනුවත් නියැඳියක් මේ සඳහා යොදාගෙන ඇත.

 සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි විධායක සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ‘‘මෙරට ප‍්‍රමුඛතම සමාගම් දහය අතරට එක්වීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා වගේම අප නිහතමානීව සතුටු වෙනවා. එ් සඳහා අපව නම් කළ සෑම සියලූ දෙනාටම අපගේ කෘතඥතාවය පළ කරනවා. රක්ෂණ සේවා සපයන සමාගමක් විදියට අපි හැමවිටම විශ්වාස කරන්නේ නව්‍යකරණයන් වගේම පාරිභෝගිකයාට ගැළපෙන විසඳුම් පිළිබඳවයි. විශිෂ්ට පාරිභෝගික සේවයක් මෙන්ම විශිෂ්ට කැපවීමක් ලබාදීමට අප හැමවිටම උත්සාහ කරන නිසාම අලූත් අදහස් බිහිකරන, නව්‍යකරණයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් සපිරි සමාගමක් බවට පත්වෙලා තියෙනවා. අපි ජනතාවගේ ජීවිත උසස් කරන අංගසම්පූර්ණ රක්ෂණ විසඳුම් සහ සේවාවන් සපයන සමාගමක් ලෙස විශ්වාසය දිනාගෙන තියෙනවා. ඔබ අපට ලබාදුන් පිළිගැනීම අපිව ධෛර්යමත් කරවනවා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් මූලික කොටගත් අලූත් රක්ෂණ විසඳුම් සහ සේවාවන් ජනතාවට ලබාදෙන්න අපි තව තවත් කැපවෙනවා. අපගේ සමහර නව්‍යකරණ රක්ෂණ විසඳුම් බිම්මට්ටමේ ජනතාව කරා ළඟා වුණා. අපේ රටේ මහජනතාවට සමීප විය හැකි මේ වගේ අලූත් රක්ෂණ අදහස් ක‍්‍රියාත්මක වුණ නිසා රක්ෂණයක් අරගන්න කවදාවත් හිතලා නොතිබ්බ බොහෝ දෙනා අද ප‍්‍රතිලාභ භුක්ති විඳිනවා.’’ පැවසීය.

 සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා අදහස් දක්වමින් ‘‘ සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රධානම තේමා පාඨය තමයි ගෞරවය සහ විශ්වාසය අපගේ ක‍්‍රියාමාර්ග තුළින්ම ගොඩනගා ගත යුතු බව. අඛණ්ඩව වසර 17 ක් ජීවිත රක්ෂණයේ වෙළෙඳ පොළ ප‍්‍රමුඛයා ලෙස රැුඳීසිටීමට ප‍්‍රධාන වශයෙන්ම හේතුවූයේ අප ගොඩනගාගත් විශ්වාසයයි. ශ‍්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස මිලියන ගණනක් මිනිසුන්ගේ, අපගේ රක්ෂණ හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අනාගත අවදානම නැති කරමින් අනාගතය සුරක්ෂිත කළේ අපගේ මෙහෙවර මෙන්ම එහි වටිනාකම් ද රැුකගෙනයි. හැම වන්දියක්ම අපි නිසි පරිදි ගෙවනවා විතරක් නෙවෙයි එය ඉතාම ඉක්මනින් කිසිම කරදරයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන ක්ෂේත‍්‍රවල අප දැක්වූ පරිත්‍යාගශීලී මෙන්ම දිගුකාලීන කැපවීම අප කෙරෙහි ආදරණීය හැඟීමක් ගොඩනැගීමට හේතුවෙලා තියෙන අතරම සෑම ශ‍්‍රී ලාංකිකයෙක්ගේම ගෞරවය දිනාගැනීමට ද සමත්වෙලා තියෙනවා. මීට අමතරව, රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට අප සිදුකරන අඛණ්ඩ උත්සාහය ජීවිත රක්ෂණ අලෙවිකරුවන්ගේ ප‍්‍රතිරූපය වෙනස් වීමට හේතුවුණා. එ්වගේම එය අප උපයාගත් ගෞරවයටත් හේතුවක් වුණා.’’ යනුවෙන් පැවසීය.

 සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී පැටි‍්‍රක් අල්විස් මහතා අදහස් දක්වමින් ‘‘සෙලින්කෝ VIP සන්නාමය කියලා කියන්නෙ පාරිභෝගික අවශ්‍යතාවය මූලික කරගැනීම ගැන දෙන්න පු`ඵවන් හොඳම උදාහරණයක් වගේම එමගින් පාරිභෝගිකයන් සඳහා අප ලබාදෙන වටිනාකම් ද හොඳින් නිරූපණය වෙනවා. මෙවැනි ප‍්‍රතිපත්ති මත තමයි අප සමාගම ගොඩනගලා තියෙන්නෙ. අපේ පාරිභෝගිකයාගේ ජීවිතයේ සෑම අවශ්‍යතාවයක් ගැනම සැලකිලිමත් වෙමින් ඊට ගැළපෙන හොඳම රක්ෂණ විසඳුම් ලබාදෙන අතරම සෑම වන්දියක්ම ක්ෂණිකව ගෙවීමට අපි කැපවෙලා ඉන්නවා.’’

advertistmentadvertistment
advertistmentadvertistment