කොවිඩ් රතුකට්ට ආයෙත් මතුවෙලා

137

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ලෝකයට සාපේක්‍ෂව අඩු අගයක් ගත්ත ද දෛනික.. ආසාදිතයන්ගේ වැඩිවීම නිසා රතු කට්ට පැනීමේ අනතුරක් ඉදිරියේදී මතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළේය.

මීට සති කිහිපයකට ප‍්‍රථම මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 500ක් හෝ ඊට සුළු වැඩිවීමක් වාර්තා වුවත් මේ වන විට එය 800 සීමාව ඉක්මවා තිබීම යම් සැලකියයුතු තත්ත්වයක් වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වෛරස රෝගය පිළිබඳව ලෝකය දැන ගත් දා පටන් විවිධ ප‍්‍රභේද සහ කොවිඩ් රැලි විවිධාකාරයෙන් පැමිණියත් ශ‍්‍රී ලංකාව දූපතක් වීම හේතුවෙන් ලෝකයට සාපේක්‍ෂව මෙරට කොවිඩ් වැළඳුණු ජන ගණත්වයක් විශාල ලෙස වාර්තා නොවුණු බව ද කියා සිටියේය.

තත්ත්වය එසේ වුවත් ‘ඔමික්‍රෝන්’ විකෘති කොවිඩ් වෛරස ප‍්‍රභේදය මෙරටට ඇතුළුවීමත් සමඟ යළි යම් අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින නිසා එය ‘රතු කට්ට්’ පැනීම දක්වා වර්ධනය වීමට ඉඩ ලබා නොදී සිටීමේ වගකීම මෙරට සෞඛ්‍ය අංශවලට මෙන්ම රටේ සෑම පුරවැසියකුටම විශාල වගකීමක් තිබෙන බව ද සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment