බිබිලේ නිධන් හොරුන්ගේ ගැට…බලාගෙනයි. ප්‍රවේශම් වන්න

792

මැදගම බිබිල, නන්නපුරාව නිධන් හොරු රැසක්…

බිබිල ප‍්‍රදේශය ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ පැණි දොඩම් නිසාය. නමුත් මෙම කථාව පැණි දොඩම් ගැන නොව, වෙනත් ජාවාරමක්
ගැනය. එම පුරවරයේ වන වදුලට යටව ගොස් ඇති පුරා වස්තූන් සිය දහස් ගණන් අදට ද ඉතිරිව ඇත්තේ අතීත ශ‍්‍රී විභූතිය මතු පරපුරට ද දැක ගැනීමට ඉඩ සලසමිනි.

ඒ අතීත උරුමයන් මේ වනවිටත් නිධන් හොරුන්ගේ බලපෑමෙන් දිනෙන් දින විනාශ වෙමින් තිබේ. බොහෝ පුරාවස්තු කඩා බිඳ දැමුවා ද හම්බවෙන නිධානයක් ද නොමැත. නමුත් නිධානයක් ගොඩ දාගත හොත් පරපුර ම ගොඩ යන්නට ඇතැයි සිතන බොහෝ දෙනෙක් දිගින් දිගට ම නිධන් සොයා වෙහෙසෙති. තරුණ අවධියේ සිට නිධන් සොයා සිය දහස් ගණනක් මුදල් වියදම් කළ බොහෝ දෙනෙක් අද වයසට ගොස් තිබුණ ද ඔවුන් ගත් නිධානයක් නැත. නිධන් සොයා වියදම් කළ මුදල් එකතු කර ගත්තා නම් ඉඩකඩම් දෙක තුනක් අරන් වගාවක් කර ගත්තේ නම් නිධානයක් ගත්තා වගේ අද දියුණුවෙන් දියුණුවට පත්ව ඉන්නට ඉඩ තිබුණා යැයි නිධන් හාරන්නට ගොස් කිසිත් නොමැති වී හෙම්බත් වූවෝ කිහිපදෙනකු පවසා සිටියහ. අනුන්ගේ නිධන් විකුණන්න සල්ලි බ්‍රෝකර්වරුන් ගෙන් මේ කථාව බිබිලේ නිධන් ජාවාරම්කරුවන් පිළිබඳවය. ඔවුන් වැඩි හරියක් සිටින්නේ නන්නපුරාව, මැදගම, බිබිල ආදි ප‍්‍රදේශවලය.

ඔවුන් සමග ගනුදෙනු කරන්නට ගොස් අමාරුවේ වැටුණු අය පිළිබඳවය. මෙය කියවන ඔබත් බිබිලේ නිධන් ජාවාරම්කරුවකුට හසු වූ අයෙක් වීමට ද ඉඩ ඇත.

බිබිල ප‍්‍රද්ශයේ නිධන් හාර ලබාගත් රත්තරන් පිළිම, මැණික් ඇතුළු බොහෝ දේ ඇති බව බොහෝ දෙනකුගේ විශ්වාසය වී තිබේ . ඒ නිසා මෙම ප‍්‍රදේශයේ තිබෙන නිධන් ලබා ගැනීම සඳහා පිටස්තර අය පවා වෙහෙසේ. මේ නිධන් සම්බන්ධතාවය ඇති වෙන්නේ රහසිගතවය.

දිනක් මට මිතුරකු කිව්වා යාළුවෙක් ළඟ රත්තරන් පිළිම වගයක් තියෙනවා කියලා. එකක් කිලෝ 13ක් තව පිළිමයක් කිලෝ 17ක්, තව පිළිමයක් කිලෝ 27ක් වගේ පිළිම ගොඩක් තියෙනවා කියලා කිව්වා. මේවා මහත්තයෝ උණුකරන්න නම් දෙන්න බෑ. එහෙම කළොත් අපේ පරම්පරාවත් වැනසිලා යයි. ඒක නිසා උණු කරන්නේ නැත්තං පමණක් අපි දෙන්නම් කීවා. ඊට පස්සේ යාළුවකුට කථා කරලා උණු කරන්නේ නැතිව විකුණලා පන්සලට පූජා කරන්න අයකුට විකුණන්න අයකු සම්බන්ධ කරගත්තා. මේ පිළිමය අපි ජපන් යවන්නෙ. ඒ ගැන සැකයක් තියනවනම් එක්කෙනකුට ජපන් යන්න ටිකට් එකක් අරන් දෙන්නම්. එතකොට එයාට ගිහින් ඇත්තට ම පන්සලට පූජා කරනවා ද කියලා බලාගන්න පුළුවන් කියලා පිළිමය ගන්න පාර්ශ්වයෙන් කථා කරා.

බිබිලේ නිධන් හොරුන්ගේ ගැට…බලාගෙනයි. ප්‍රවේශම් වන්න

ඒකට දෙපැත්තෙන්ම එකතු වෙලා මිල ගණන් කතා කර ගත්තා. රත්තරන් කිලෝවක් රුපියල් ලක්ෂ 45ක් 55ක් අතර. ඒ දිනවල විකුණන්න කතාකර ගත්තා අතරමැදි කීහිපදෙනෙක් සිටීම නිසා විකුණන අයට ද කිලෝවක් ලක්ෂ 25ත් 35ත් අතර මිලකට විකුණලා ඉතිරි මුදල් අතරමැදි ඇයට ගන්න විදිහට තීරණය කරගත්තා. දැන් විකුණන පිළිමවල ෆොටෝ මුලින්ම පෙන්වන්න ඕන කියලා ගන්න අය කීවා. ෆොටෝ ගහද්දී එදා දවසේ ලොතරැයියක් විකුණන පිළිම ළඟ තියලා අදාළ දිනය පැහැදිලි ලෙස වැටෙන්න ෆොටෝ ගහලා එවන්න කියලා පිළිමය ගන්න අය ඉල්ලූවා. දවස් ගණනක් කිව්වත් ඒ අය ෆොටෝ එකක් එව්වේ නැහැ. ගන්න කණ්ඩායමට එම පිළිමයේ උස බර සහ පිළිමයේ පළල අවශ්‍ය බව පැවසුවා. ඒ අනුව එම පිළිම උස, බර, ප‍්‍රමාණයක් එවුවා. ඔවුන් එවූ බර නිවැරදි ය. ඒවා ගැනුම්කරුවන් විසින් මැන බලන්ද් දී ටක්කෙට ම බර ගැළපෙන්න වුණා යැයි ඔහු පැවසුවේ ය. සල්ලි පෙන්නන්නම් බඩු. පෙන්වන්නේ නැහැ…….

තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස ද කීවේය.

දෙපැත්ත සමග සාකච්ඡා දිගින් දිගට ම සිද්ධ වුණා. අන්තිමේදී අතරමැදියන් වූ අපට දෙපැත්තෙන්ම දැඞ් නීති රීති දමන්නට වුණා. මහත්තයෝ රු.50,000ක් ඕන ආදාළ පිළිමවල ෆොටෝ එවන්න නම්. අද හවස 50,000ක් ඕන. ඒත් එක්කම ගන්න අයට කියන්න ඒ අයට සල්ලි තියෙනව ද කියල පෙන්නන්න කියලා.

සමහරු එනවා පිළිම ගන්න. සල්ලි පෙන්නන්න කීවම සල්ලි නෑ. බොරුවටත් එනවා. නිධන් ගන්න. ඒත් සල්ලි නෑ. අපි නිතරම අහු වෙලා ඉන්නේ. ඒ නිසයි ගන්න කට්ටිය සල්ලි තියෙනව ද කියලා සල්ලි පෙන්නන්න ඕන කියලා නිධන් අයිතිකාරයෝ කොන්දේසි ගොඩක් දැම්මා.. සල්ලි පෙන්නන්න නම් පිළිම පෙන්වන්න කියනවා. අනිවාර්යෙන්ම අපි පිළිම පරීක්ෂා කරන්න අපේ චෙකර්ව එවනවා. එතකොට ඒවා රත්තරන් නෙවෙයි නම් අපිට පනස් දාහක් ඕනේ. පිළිම රත්තරන් වුණොත් අපේ චෙකර්ව ඔයාලා තියාගන්න. ඔයාලාගෙන් දෙන්නෙක් අපේ සල්ලි බලන්න එන්න. අපි සල්ලි පෙන්නුවට පස්සේ පිළිම ටික අපිට දෙන්න. අපි සල්ලි ඔයාලාට එතැනදීම හරි ඔයාලා කියන තැනකට ගෙනත් දෙන්නම්. බොරු කරන්න ගියොත් කරදර විඳින්න වෙනවා යැයි ගන්න එන අය කිව්වා. මේ ගැටලූව දෙපැත්තෙන්ම හිරවෙන්නේ අතරමැදි බොකර්ය. අනුන්ගේ ළඟ තිබෙන රත්තරන්වලට සල්ලි ගෙවන්න වන්නේ බෝකර්ටය.

අන්තිමේදී නොදන්නා තැන්වල තිබෙන රත්තරන් පිළීම වලට තණ්හාවට විකුණන අයට, ඔහු පිළිබඳ වැඩි විශ්වාසයක් ඇති කරගෙන මුදල් පනස්දාහක් ලබා දෙන්න තීරණය කරා. මහත්තයෝ ඉක්මනට සල්ලි දාන්න. මම බලාගෙන ඉන්නේ. කෝටි ගණනක බිස්නස් කරන්න හදන්නෙ. අඩුම තරමේ අතේ 50,000 ක් වත් නැතුව කොහොමද මහත්තයෝ යනුවෙන් ඔවුන් දිගින් දිගට ම මට පවසන්නට වුණා.

මහත්තයාට මේ 50,000ක් දාලා මේ වැඬේ කරන්නේ නැත්තං මම වැඬේ නතර කරලා දානවා. මං දන්නව මහත්තයාත් මේ වැඩෙන් ලොකු ගාණක් තියාගෙන මේ වැඬේ කරන්නේ. අපිට ආදරේට නෙවෙයිනේ. නැත්තම් වැඬේ අල්ලලා දාමු කියලා අයිතිකාරයා කිව්වා. අන්තිමේදී මම අතේ තිබුණු රුපියල් හතළිස් දාහක් ඒ කට්ටිය කිව්ව ගිණුම් අංකයට දැම්මා. අන්තිමේදී ෆොටොත් නැහැ.. ටික දවසක් යද්දී ෆෝන් එකත් වැඩ නෑ. මම වැඩිපුර සල්ලි හොයන්න ගිහිල්ල තිබ්බ සල්ලිත් නැති කරගත්තා. පැමිණිල්ලක් දාන්න පොලිසියට යන්නත් බැහැ යැයි නිධන් හොරුන්ට කොටු වූ අයකු සිය අත්දැකීම් පවසා සිටින්නට විය. නිධන් හොරුන්ගේ අමුතු උප්පරවැට්ටිය නිධන් ජාවාරම් පිළිබඳ තවත් අයකු සිය අත්දැකීම් මෙලෙස පවසා සිටින්නට විය. මෙම ජාවාරම්කරුවන් සොයා බැලීමට මට සිතුණා. ඒ නිසා තවත් මිතුරකු සමගින් අපි ජාවාරමක් පිළිබඳව ඉව අල්ලනන්නට වුණා. බිබිල නන්නපුරාව ප‍්‍රදේශයට අප පිටත්ව ගියා. ටික දුරක් යද්දී ඔහු පවසන මාර්ග අනුව පාරෙන් පාළු පෙදෙසකට ගොස් නතර වීමට අපට සිදු වුණා. අපිට තවත් අතුරු පාරක හැරී වන ගත පෙදෙසකට යන්නට සිදු වුණා. අපි දුටුවා තැනින් තැන පුද්ගලයන් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ පුද්ගලයෙක් සිනහ වෙමින් ඉස්සරහට ආවා. මහත්තයෝ මම තමයි ඔයාට කෝල් කළේ. ඔහු තට්ටය සහිත අවුරුදු 50කට ආසන්න පමණ වයසැති පුද්ගලයෙක්. මහත්තයෝ අපි පොඞ්ඩක් ඇතුළට යමුයි කියා ඔහු අපිව කැලෑවට අරන් ගියා. ඈතට වෙන්න හතර පස් දෙනෙක් මුරට දාලායි තිබ්බේ. අයෙක් ඇවිත් කවරයක තිබෙන කළුගලින් නිර්මාණය වී තිබුණු දෙයක් පෙන්නුවා. මහත්තයෝ මේක අපි නිධානයකින් ගත්ත එකක්. මේකේ තියෙන දේ හොල්ලලා බලන්න. ඉතා වටිනා දෙයක්. නිධානේ ගත්තහම අපේ කොටසට හම්බුණේ මේක. අපිට මේක කඩන්න බයයි මහත්තයාලා ගාව දක්ෂ කට්ටඩියෝ ඉන්නවා නම් මේක අපි අර ගමු යැයි කිව්වා. අතට අරන් බලද්දි ඒකෙ ඇතුළේ වතුර වගේ දෙයක් ඇති බවත් ඒ තුළ බරට යමක් හෙලවන බවත් දැනෙන්නට වුණා.

බිබිලේ නිධන් හොරුන්ගේ ගැට…බලාගෙනයි. ප්‍රවේශම් වන්න

හොඳින් එය පරීක්ෂා කරා ම දුටුවේ එය කඩා ඒ තුළ තිබූ දේ අරන් නැවතත් සිමෙන්තිවලින් අලවා තිබෙන අයුරු අපට පෙනුනා. ලොකු ලොකු නිධන් ගන්නා නිධන් හොරු මෙවැනි කුඩා දෙයක් ඉතුරු කරයි ද? නොබලා සිටී ද යන සැකයක් අපි සිතට ඇතුළු වන්නට වුණා.

මේක ගොඩක් වටිනා දේවල් තියනවා. මේක අයිති අයට ලක්ෂ තුනක් දුන්නහම ඇති. මේක අපි අරගමු. තට්ට හිසක් සහිත කළු පැහැති කොසඟ සිරුරක් ඇති පුද්ගලයා පවසා සිටින්නට උනා. අපි වැඬේ කරමු. මම ගිහින් කෝල් එකක් දෙන්නම් යැයි පවසමින් උපක‍්‍රමශීලිව එම ස්ථානයෙන් මඟ හැර නැවතත් ආවා. ඉන් පසුව දින කීහිපයක්. යනතුරු මහත්තයා ආයේ චාන්ස් එකක් එන්නෙ නෑ. ඒ කට්ටිය කරදර කරදර කරනවා ගන්න කියලා මහත්තයා හින්දමයි මේ බලන් ඉන්නේ යැයි දිගින් දිගටම පවසා සිටියා. නමුත් මෙය රැවටීමක් බව දැනගත් නිසා අපි පාඩුවේ සිටින්නට වුණා යැයි රුපියල් ලක්ෂ 03ක් ජාවාරමකරුවන්ගේ කොල්ලයට හසුවන්නට ගිය අයකු පවසා සිටින්නට වූවේය.

කිලෝ 200ක රත්තරන් බිබිලේ නිධන් ජාවාරම ගැන සෙවීමේදී තවත් විශාල ජාවාරමක සුල මුල අපට හෙළි කරගැනීමට හැකි වන්නට වූහ. නිධානයකින් ලබාගත් රත්තරන් යැයි කියමින් අයකු තමන් සන්තකයේ කිලෝ දෙසීයක රත්තරන් තිබෙන බවත් හරි ගැනුම්කාරයෙක් පැමිණියහොත් කිලෝ දෙසීයක් විකුණනවා බවත් පවසා සිටින්නට විය. ඒ අනුව කීපදෙනකු ඒවා මිලදී ගැනීමට බොකර්වරුන් යොදවන්නට විය. අවසානයේ රත්තරන් කිලෝවක් ලක්ෂ 70කට දීමට අයිතිකරු කැමති විය. බ්‍රෝකර්වරුන්ද රත්තරන් කිලෝවක් රුපියල් ලක්ෂ 75කට විකුණුමකට කතා කරන්නනට විය. දැඩි පණ්ඩිත භාවයකින් පෙනුණු නීතිරීති රැසක් දමන එම අයිතිකරුවා එම මුදල් පෙන්වන තෙක් රන්භාණ්ඩ පෙන්වන්නේ නැති බව දිගින් දිගට ම පවසා සිටින්නට විය. ඔහු තමන්ට තිබෙන්නේ නියම රත්තරන් බව පෙන්වීම සඳහා රන් භාණ්ඩ කඩවල්වලට උගස්කර බිල්පත් පවා පෙන්වන්නට විය. තමන් සන්තකයේ නියම රත්තරන් තිබෙන බව පෙන්නා සිටිමින් බ්‍රෝකර්වරුන් කිහිපදෙනකු රත්තරන් අලෙවි කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබියදී අන්තිම මොහොතේ මොහු කුමන හෝ චෝදනාවක් කර එම පුද්ගලයන්ට අලෙවි කිරීම නොකරන ලදී. අවසානයේ දී බ්‍රෝකර්වරුන්ට කොකා පෙන්වමින් ඔහු ඒවා මහරගමට ගෙන ගොස් පසුව කොළඹ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අලෙවි කර තිබුණු බව නිධන් බ්‍රෝකර්වරයකු පවසා සිටින්නට වුවේය. ඒ සමගම බිබිලේ නිධන් හොරුන්ගේ ගැටයට හසුවුණු පුද්ගලයන් බොහෝය. නිදන්වලින් ගත් රත්තරන් යැයි කියමින් මරංචි විකිණීමේ සැබෑ හපන්නුය.

යාළුවෙක් කීවා නිධානයකින් ගත්ත බඩු වගයක් තියේ කියලා. මමත් අවස්ථා කිහිපයක් කතා කරලා බොහොම අමාරුවෙන් බඩු පෙන්නන්න අවස්ථාවක් දාගත්තා. ඒ පෙන්නපු බඩු ඇත්තටම රත්තරන්. කියලා පරීක්ෂා කරපුවාම ඔප්පු උනා. ඊට පස්සේ කොහොම හරි විකුණන්න කියලා කතා කරගත්තා. ඒ අතරතුර ආයේ පෙන්නන් නං ලක්ෂයක මුදලක් ඕනේ කියලා කිව්වා. අන්තිමේදී ඔහු කියන ගිණුම් අංකයට එම මුදල තැන්පත් කරා. දවස් දෙක තුනක් යනකම් ගැටලූවක් තිබුණේ නෑ. ඉතා ඉක්මනින් වැඬේ කෙරෙයි කියලා හිතුවා.

තව දවසකින් දෙකකින් කෝටි ගණනක මුදලක් අතට ගන්නට ලැබෙයි කියලා යාළුවා හිතුවා. වාහන ගැන හිතුවා. ඒත් ඒවා හීනයක් ම උනා. රත්තරන් ලැබුණෙත් නෑ. රුපියල් ලක්ෂයකුත් නැතිවුණා. මේ ආකාරයට බිබිලේ නිධන් හොරුන් කෝටි ගණන් බඩු තමන්ගේ සන්තකේ තියෙනවා කියලා මිනිස්සු ගොනාට අන්දනවා. ඒක නිසා අපි ඔබලාගෙන් ඉල්ලා සිටිනවා බිබිලේ නිධන් හොරුන්ට අහු වෙන්නට එපා කියලා යනුවෙන් මෙම ගැටලූවට හසු වූ අයකු සිය අත්දැකීම් පවසා සිටින්නට විය.

බොහෝ දෙනකු නිධන් පසුපස හඹා යන්නේ ඉතා ඉක්මනින් පොහොසත් වීම සඳහා නමුත් බොහෝ දෙනකුට සිදුවන්නේ පොහොසත් වීම පසෙකලා කබලෙන් ලිපට වැටීමය. එම නිසා මේ බව දත් ජාවාරම්කාරයෝ නිදන් ඇති බව පවසමින් ජනයා මුළාවට පත් කරමින් තමන්ගේ අතමිට සරු කිරීමට ඉහත සඳහන් අයුරින් විවිධ උපක‍්‍රම භාවිත කරති. මේ පිරිසෙන් බොහෝ දෙනකු විටින්විට නිධන් හෑරීමට ගොස් පොලිසියට හසුව තිබී ඇතැයි තතු දත් අය පවසා සිටිති. බිබිල පුරවරයේ වන වදුල ට යටව තිබෙන පුරාවස්තු රැසක් මේ වනවිට මෙම නිධන් සොරුන් විසින් දිගින් දිගට ම විනාශ කර තිබේ. මේ ආකාරයට ලබා ගන්නා නධන් මිලදී ගැනීම සඳහා ලංකාව තුළ කණ්ඩායම් රැසක් ම සැදී පැහැදී සිටිති. ඇතැමුන් රත්තරන් බඩු අලෙවි කරන ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ය ඇතැම් භික්ෂූන් වහන්සේ ද නිධන්වලින් ලබා ගන්නා භාණ්ඩ මිලදී ගැනීමට සැදී පැහැදී සිටිති. ඇතැම් අවස්ථාවල ආරක්ෂක අංශවල සහාය ද ඇති බව ජාවාරම්කාරයෝ පවසති.

බිබිලේ නිධානයක් කී සැනින් මිලදී ගන්නෝ හපෝ බෑ යැයි කියන්නේ බිබිලේ නිධන් හොරුන්ගේ තරම දන්නා නිසාවෙනි. නිධන් බඩු විකිණීමට යෑමේදී මතුවක ලොකු ම ගැටලූව වන්නේ මුලින් සල්ලි පෙන්නනවද? නිධන්වලින් ලබාගත් භාණ්ඩ පෙන්නනවා ද යන ගැටලූවයි. ඒ නිසා බොහෝවිට මෙය විසඳුමක් නොමැති ගැටලූවක් බවට පත් වී අවසානයේ සිදුවන්නේ පොලිසියට කොටුවීමය.

අවසානයේ සිදුවන්නේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලූවකුත් නැත වැනි සිදුවීමකි. නොදන්නා නිධන් පසුපස ගොස් තමන්ගේ සන්තකයේ තිබෙන මුදල් කාබාසිනියා කර ගන්නා පුද්ගලයාගේ නුවණැස පහළවන්නේ සියලූ දේ නැති වූ කලය. එසේනම් හෙට දිනයේ ඒ පොහොසත් වන්නට ගොස් බිබිල නිධන් හොරුන්ට හසු නොවෙන ලෙස ඔබට අපි පවසන්නෙමු.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment