සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි

79

කෑගල්ල රත්නපුර කුරුණෑගල හා මහනුවර යන දිස්ත්‍රික්කවලට අයත් දිනුම්ලාභීන් පිරිසකට චෙක්පත් පිරිනැමීමේ උත්සව සභාවක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් පසුියදා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි . දිනුම්ලාභීන් වෙත ලබාදෙන චෙක්පත් ඔවුන්ගේ ප්‍රදේශයටම ගෙනගොස් ලබාදීම සදහා සංවර්ධන ලොතැරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති නව වැඩපිළිවෙළක් අනුව මෙම උත්සව සභාවද පැවැත්විණි .

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව සභාවට සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා ඇතුළු එම මණ්ඩලයේ උසස් නිලධාරිහු පිරිසක්ද සහභාගි වූහ. එහිදී දිනුම්ලාභීන්ට චෙක්පත් පිරිනැමීමට අමතරව අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයීමට ලක්කිරීමද සිදුකෙරිණි.

එසේම මෙම උත්සව සභාවේදී ජූනි හා ජූලි මාසවල ශනිදා අද කෝටිපති කප්රුක සුපර් බෝල් හා ලග්න යන ලොතැරැයි පත්වලට අදාල ජයග්‍රාහකයින් 14 දෙනෙකුට ත්‍යාග මුදල් පිරිනැම්ණි.ශනිදා ලොතරැයියේ සුපිරි ජයමල්ල දිනාගත් ජයග්‍රාහකයෙකු මෙන්ම මිලියනයේ ජයමලු‍ දිනාගත් 13 දෙනෙකුද මෙම පිරිසට අයත්වූහ.

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය හා සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරංගල යන මහත්වරුන් ජයග්‍රාහකයින්ට චෙක්පත් පිරිනැමූ අයුරු ඡායාරූපය දැක්වේ.

සටහන සහ ඡායාරූපය රුවන්වැල්ල -විමලරත්න සමරක්කොඩි

advertistmentadvertistment
advertistmentadvertistment