කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ සහ බලල්ල, යූ. බී. වන්නිනායක ජාතික පාසලේ පැවැති සුජය, BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව

65

උපාලි පුවත්පත් සමාගමේ සුජය පුවත්පත, BOC රන් කැකුළු සහ කැන්ඩොස් චොක්ලට් එක්ව සංවිධානය කරනු ලැබූ සම්මන්ත්‍රණ මාලාවේ සම්මන්ත්‍රණ දෙකක් පසුගියදා කුරුණෑගල ආරක්‍ෂක සේවා විද්‍යාලයේදී සහ බලල්ල, යූ. බී. වන්නිනායක ජාතික පාසලේදී පැවැත්විණ.

මෙම සම්මන්ත්‍රණ සඳහා ආරාධිත පාසල් විශාල ප්‍රමාණයක දරු පිරිසක් සහභාගි වූ අතර මෙහි දේශනය මෙහෙයවීම ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක අමිල ප්‍රසාද් ජයසේකර මහතා විසින් සිදුකෙරිණ.

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ සහ බලල්ල, යූ. බී. වන්නිනායක ජාතික පාසලේ පැවැති සුජය, BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව

මෙයට සමගාමීව දෙමව්පියන් දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීන නාට්‍යවේදීනී, ගුරු උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සහ BOC අලෙවි කළමනාකරු ජගත් හිරිපිටිය මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම අවස්ථාවට BOC සහකාර මහා කළමනාකරු වයඹ පළාත කුෂාන් දෙල්ගොඩ, ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. රත්නායක, BOC ප්‍රධාන කළමනාකරු කුරුණෑගල අධිශ්‍රේණි ශාඛාව සමන්ප්‍රිය රාජපක්ෂ, BOC අලෙවි කළමනාකරු ජගත් හිරිපිටිය, BOC සන්නාම කළමනාකරු රංග ප්‍රනාන්දු, BOC සහකාර කළමනාකරු, ශාඛා මෙහෙයුම් ඉඳුනිල් සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්, බලල්ල යු. බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති සිසිර ප්‍රියන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, BOC ප්‍රාදේශීය කළමනාකාරිනී නිකවැරටිය – සමිතා හෙට්ටිආරච්චි, මහව BOC ශාඛාවේ වැඩබලන කළමනාකාරිනී උමන්දා හල්වලගේ සුජය පුවත්පතේ උප කර්තෘ චන්දිමා විතාරණ, උපාලි පුවත්පත් සමාගමේ සහකාර බෙදාහැරීමේ කළමනාකරු මතීෂ ජයරුක්, කුරුණෑගල උපාලි පුවත්පත් අලෙවි නියෝජිත පුෂ්ප කුමාර ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ සහ බලල්ල, යූ. බී. වන්නිනායක ජාතික පාසලේ පැවැති සුජය, BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව

සටහන හා ඡායාරූප සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment