මෛත්‍රීගේ මූණේ මැයි මල් පිපිලා

108

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගෙන් බහුතර පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග සිටින බව මැයි රැලියෙන් ඔප්පු කර ඇතැයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

මැයි රැලිය සාර්ථකව පවත්වාගෙන යෑමට 225ට ආසන්න දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගෙන් බහුතරයක පිරිසක් සහභාගි වී ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේය.

ඊළඟ නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඇමැති විජයදාස රාජපක්ෂ මහතා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමග දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සිය ප්‍රසාදය ඒ සඳහා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කුමන්ත්‍රණකාරීන්ගෙන් බේරාගෙන පක්ෂය නැවත නඟා සිටුවීමට පියවර ගන්නා බවත් එම ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා සඳහන් කළේය.

අනීතික ලෙස නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයකු ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්කළ ද මැයි දින රැලියක් පවත්වාගෙන යෑමට ඔවුන්ට නොහැකි වූ බවත් සංවිධායකවරු කිහිපදෙනෙකු ඔවුන් සමග සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment