කාන්තාවන්ට මතුවන පිළිකා නොවන පිළිකාවක්

230

කාන්තාවන්ට ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙය එන්ඩොමෙටි්‍රයෝස් (endometriosis) හෝ ඇඩිනොමයෝසීස් (Adenomyosis) රෝගය නිසා ඇති වන්නක් විය හැකිය.

එන්ඩොමෙටි්‍රයෝසිස් යනු ගර්භාෂයෙන් පිටත අසාමාන්‍ය ලෙස සෛල හට ගැනීමය. ඇඩිනෝමයෝසිස් යනු ගර්භාෂය ඇතුළත අසාමාන්‍ය ලෙස සෛල හට ගැනීමය. මෙම රෝග ගර්භාෂය තුළ හටගන්නා පිළිකා නොවන පිළිකා ලෙස පවසයි.

මෙලෙස ගර්භාෂයෙන් පිටත හෝ ගර්භාෂය ඇතුළත අසාමාන්‍ය ලෙස සෛල හටගත් විට ඔසප්වීමේදී අධික ලෙස රුධිරය වහනය වේ.

මෙම තත්ත්වයට බොහෝවිට ගොදුරුවන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන්, දරුඵල පමාවූ කාන්තාවන්ය. ඊට අමතරව දැඩි මානසික පීඩනයෙන් නිතර පෙළෙන්නන්, පරිසර දූෂණය සහිත ප්‍රදේශවල ජීවත් වන විටද මෙම තත්ත්වයට ගොදුරු විය හැකිය.

රෝග ලක්‍ෂණ

එන්ඩොමෙටි්‍රයෝසිස් හෝ ඇඩිනොමයෝසිස් රෝගය ඇතිවීම ඔසප්වීමේදී අධික වේදනාවක් හටගනී. මෙවිට බොහෝ දෙනා සිදුකරන්නේ ප්‍රබල වේදනා නාශක ගැනීමය. නමුත් ඉන් රෝගය සුවපත් නොවේ. වේදනාවට අමතරව අධික ලෙස රුධිරය පිටවේ.

ප්‍රතිකාර

මෙම රෝග සඳහා වර්තමානයේ අති නවීන ප්‍රතිකාර ක්‍රම භාවිතා වේ. මුල් අවස්ථාවේදී නිසි වෛi ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඖෂධ භාවිතයෙන් රෝගය සුවපත් කළ හැකිය.

රෝගය දිගු කාලයක් පැවතීම නිසා දරු ඵල අහිමි වේ.

රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය නිසා පසුකාලයේදී ඇතිවිය හැකි ඩිම්බකෝෂ පිළිකා, ගර්භාෂය උඩ කොටසේ පිළිකා පාලනය කරගත හැකිය.

තොරතුරු
ශ්‍රී ලංකා එන්ඩොමෙටි්‍රයෝසිස් සහ ඇඩිනොමයෝසීස් සංගමය
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment