ක්‍රෙඩිට් කාඩ්පත් පාවිච්චිය පහළ යයි

214


මේ වසරේ මුල් මාස දෙක තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ සැලකිය යුතු පහළ යාමක් සිදු ව ඇත.

ගිය වසරේ (2022) දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය 2023 ජනවාරි මාසය අවසන් වන විට 1,942,272 ක් දක්වා ත් 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් ඇත.

ඒ අනුව 2023 ජනවාරි මාසය තුළ දී ක්‍රෙඩිට් කාඩ්පත් 10,719 ක සහ පෙබරවාරි මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ්පත් 1,400 ක අඩු වීමකි.

මේ අතර මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය 2022 දෙසැම්බර් මාසය අවසන් වන රුපියල් මිලියන 143,098 කි.
මේ ප්‍රමාණය 2023 ජනවාරි මාසය අවසන් වන විට රුපියල් මිලියන 142,061 ක් දක්වාත් 2023 පෙබරවාරි මාසය අවසන් වන රුපියල් මිලියන 141,001 ක් දක්වාත් අඩු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment