කොළඹ සහ අවට ගංවතුර වළක්වන්න මිලියන 2100 ක තිරසාර විසඳුමක්

120

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම් අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2100 ක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වසරේදීම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේ. මුළු ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 20 ට වැඩි ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1991 ක මුදලක් වෙන්කර ඇත. රුපියල් මිලියන 20 ට අඩු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 109 ක් වෙන්කර ඇත.

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළොන්නාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරන්තරයෙන් ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පීඩාවට පත්වන බව හඳුනාගෙන ඇත.

පසුගිය දශකවල මෙම ප්‍රදේශයට ප්‍රමාණවත් නොවන නුසුදුසු ජලාපවහන පද්ධති හේතුවෙන් නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වන බව ද හඳුනාගෙන ඇති අතර නව ව්‍යාපෘතියෙන් මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට අවධානය යොමුවී තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment