දුම්රියට අලුතින් රියැදුරන් ගන්න බැහැලු

187


දුම්රිය රියැදුරන් විශ්‍රාම ගිය පසු ඒ සඳහා අලුතෙන් රියැදුරන් බදවාගැනීමට ප්‍රතිපාදන නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.වාචික ප්‍රශ්න අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දුම්රිය සේවක වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේ දී රුපියල් බිලියන 2.3ක් ද අතිකාල දීමනා ගෙවීමට රුපියල් බිලියන 07ක් ද වැයවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඊට සමානව ආදායමක් ලැබී නැතැයි ද කීවේය. එනිසා කඩිනම් විසඳුම් ලබාගැනීම සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුව අධිකාරියක් බවට පත් කළ යුතු බවද කීවේය.ඒ සඳහා ඉදිරියේදී පනතක් ගෙන එන බව ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment