මහ බැංකුවේ ඩොලර් සංචිත ඉහළට

2027

මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 අගෝස්තු මාසයේ දී රටේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි.
ඉකුත් ජුලි මාසය අග වන විට පැවති නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් විය.
2021 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් වෙන්කිරීම් යටතේ ශ‍්‍රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබීම සහ 2021 අගෝස්තු මාසයේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවීය විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ මූලික අදියරේ විනිමය හුවමාරු වීම මෙසේ විදේශ සංචිත වර්ධනය වීමට ප‍්‍රධාන හේතුව බව ද මහ බැංකුව කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment