සයිබර් ළමා හිංසන පැමිණිලි 110ක්

171

සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සයිබර් අවකාශයේ සැරිසැරීමේදී ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහිදී ගැහැනු ළමුන්ට වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල් 76 ක් සහ පිරිමි ළමුන්ට වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 31 ක් ලැබී ඇතැයි එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවැසීය. අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අදාළ පොලිස්ථාන වෙත යොමුකර ඇති බවද ඒ මහතා කීවේය.

මේ අතර ළමුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එම අධිකාරිය සකස් කර ඇති ළමා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සකස් කළ පස් අවුරුදු ජාතික සැලැස්ම මෙම මාසය තුළදී කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment