ඉතිහාසයේ ඉහළම ශුද්ධ ලාභය – ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාගත ආදායමක් උපයයි

546

ඉකුත් 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 17.5ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21 වැනිදා) නිවේදනය කර සිටියේය.

එම ආදායම 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලද ආදායමට වඩා සියයට 120 ක වර්ධනයක් ලද වාර්තාගත ආදායමක් ලෙස සැලකේ.

2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ඇති ශුද්ධ ලාභය බිලියන 6.3 ක් බවද එම නිවේදනයේ දැක්වේ.

එම ශුද්ධ ලාභය ගිණුම් වර්ෂයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ ඉපයූ ඉහළම ශුද්ධ ලාභය ලෙස සැලකේ.

ඉකුත් 17 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව එක් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව ගිණුම් වාර්තාවේ සඳහන් කර තිබුණි..

ජාත්‍යන්තර ක්‍රිකට් තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු, දේශීය ක්‍රිකට් තරග මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වාර්ෂික ලැබුණු අරමුදල් මගින් එම ආදායම් ඉපැයූ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය මගින් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment