සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද රට විවෘතයි… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

178

මහ බැංකුව කොල්ල කා ජාතික ආර්ථිකයට කළේ මරු පහරක්: ඒවායේ විපාක තවමත් අපි වි`දිනවා

අලූත් පක්‍ෂයකට කරන්න බැරි පෙරළියක් අප කර තිබෙනවා – පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ

හවුල්කාර පක්‍ෂ 11 ක් ඇවිත්… විමල් වෙනත් නියෝජිතයෙක් එවයි

නෙළුම් පොකුණ ජාතික රඟහලේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වැනි සංවත්සර උත්සවය සඳහා ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්‍ෂ නායකයෝ සහභාගිවී සිටියහ.

ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු පක්‍ෂ නායකයෝ සහභාගි වූහ.

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද රට විවෘතයි... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

කෙසේ වෙතත් ඇමැති විමල් වීරවංශ මහතා උත්සවයට සහභාගි නොවුණද ඔහුගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සහභාගි විය.

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම ඒ හා බැඳුණු පාතාලය මර්දනය වෙලා තිබෙනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය තුනෙන් දෙකක බලයක් පිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ මෙහෙවර ඓතිහාසික බවත් හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් ගත් බවත්, පරිසරය වනසමින් මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකර්මාන්ත ප‍්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත්කිරීමට ඔබ සැදී පැහැදී සිටින බව දන්නා බවත්, මේ අභායෝගාත්මක තීරණ වලට රජය එළඹී සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ 5 වැනි සංවත්සරයට සුබපැතුම් එක්කරමින් පැවැසීය.

විදේශ සමුළුවකට සහභාගී වී සිටින ජනාධිපතිවරයාට මෙම සමුළුවට සහභාගි වීමට නොහැකිවීම නිසා මෙලෙස සිය සුබපැතුම් එවා තිබුණි. අභිමානයෙන් සෞභාග්‍ය කරා යන්න තේමා කරගෙන කොළඹ නෙළුම් පොකුණ ර`ගහලේ දී ඊයේ (2දා* පැවැති ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ 5 වන සංවත්සරයට ජනාධිපතිවරයා සුබපැතුම් එක්කරමින් මෙසේද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලි අතර ඒ නිසාම අරමුණු ඉලක්කගතයි. ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්ය භාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා.

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද රට විවෘතයි... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කියූ එදා ආණ්ඩුව, රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාව වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැමුවා පමණක් නොව අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය සකසමින් ආගමික සංහාරයකට රට විවෘත කළ බව සිහිපත් කළ යුතුයි. රටේ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීම වූ ජාතික ආරක්ෂාව අද තහවුරු කර ඇති අතර, පැවති අවිශ්වාසයත්, අපේක්ෂා භංගත්වයත් තුරන් කර තිබෙනවා.

රටේ ප‍්‍රධාන මූල්‍ය ආයතනය වන මහ බැංකුව කොල්ලකෑමෙන් ජාතික ආර්ථිකයට එල්ල වූ මරු පහරේ දුර්විපාක අදටත් මේ රට අත්විඳිනවා. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ, තෙගුණ කළේ ද ඔවුන්ය. සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කර තිබෙනවා.

අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ජන සම්මතවාදීව බිහි විය. නැවුම් දේශපාලන පක්ෂයක් ලෙස මහජන මතය ඉතා නිවැරදිව ග‍්‍රහණය කර ගැනීම නිසා සුවිසල් ජනමතයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගුනා, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ ”සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග‍්‍රහණය කළේ පක්ෂයේ අධිෂ්ඨානය සහ කැපවීම මතය.

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද රට විවෘතයි... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම ඒ හා බැඳුණු පාතාලය මර්දනය වී තිබේ. හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කර ගනිමින් කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව අනාගත පරපුර වෙනුවෙන් ගෙන ඇත. රාජ්‍ය සේවය ගුණාත්මක කර, රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සලසා තිබෙන අතර දරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව අඩු තරුණ තරුණියන් ලක්ෂයකට රැුකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවි බල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළැඹි සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන් බවත් ඒ සඳහා පොදු ජන පෙරමුණේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයකි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා.

ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරයටයි අද අපි එක්ව සිටින්නේ. අලූත්ම පක්ෂයකට වසර පහක් තුළ ජනාධිපතිවරයෙක් බිහිකර තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන පස්වන සංවත්සරය සමරන්න ලැබෙයි කියා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ කියලයි මා විශ්වාස කරන්නේ.

නමුත් අලූත් දේශපාලන පක්ෂයකට ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරලිය අද අපි කරලා තිබෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න, මහපාරට වැටෙන්න සූදානමෙන් වුණත් කැපවූ සියලූ දෙනාට මාගේ ගෞරවය මේ අවස්ථාවේ පුදකරනවා.

පොදුජන පෙරමුණේ ගෙවුණ පස්වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවයි කියා මා විශ්වාස කරනවා. ආණ්ඩුබලය අහිමිවී මර්දනයකට ලක්වුණාම නැගිටින්නේ කොහොමද කියල ඉගෙන ගන්න නම් පොදුජන පෙරමුණ බිහිකර ගෙවුන පස්වසර දෙස බලන්න. ඒ. වගේම විපක්ෂයේ ඉන්න විට පොදුජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න අතට අරගෙන ආණ්ඩුවත් එක්ක අරගල කරන්නේ කොහොමද කියන්න තේරුම් ගැනීමටත් අප පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්.

ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ ගොඩනගාගෙන යනවිටයි දිගන ජාතිවාදී ගැටුම, පාස්කු ප‍්‍රහාරය සිදුවුණේ. අපි පොදුජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ සිටිනවිට එබඳු අවස්ථාවල ජනතාව කුමන්තුණකාරීව අවුස්සන්නේ නැතුව, කෝප කරන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීමටත් අප පක්ෂයේ ගෙවුණු අතීතයෙන් තේරුම් ගත හැකියි.

එපමණක් නොව පොදුජන පෙරමුණ මෙරටේ පමණක් නොව විදේශවලත් බලපෑමට ලක්වුණා. දින 52 ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ කටයුතු කළ මොහොත මට මතක් වෙනවා. එදා පාර්ලිමේන්තුවට පැමිණි විදේශ නියෝජිතයන් අපිට එරෙහිව පාර්ලිමේන්තුවේ ගැලරියේ ඉඳන් අත්පුඩි ගහනවා අපි දැක්කා. එබඳු බලවේගයන්ටත් මුහුණදෙමින් තමයි පොදුජන පෙරමුණ ගොඩනැගුනේ.

මොනතරම් මර්දනයට, පීඩනයට ලක්වුණත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය තබා වැඩකළා. අපි හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරවා වර්ජන රැුලි මෙහෙයවා ජනතාව අඳුරේ තබන්න කටයුතු කළේ නැහැ. ඒ නිසයි වගකිවයුතු පක්ෂයක් ලෙස ජනතාව අපි භාරගත්තේ. ඒ වගේම මොන බාධක කම්කටොලූ ආවත් ජනතාව අත්හැරලා අපි දිව්වේ නැහැ. බියවී, කලබල වී තීරණ ගත්තෙත් නැහැ. ඒ නිසයි මෙතරම් ඉක්මනට අපි මේ ගමන ආවේ කියා මා විශ්වාස කරනවා. ඒ ඉතිහාසය මතක තියාගෙනයි ඉදිරියට යා යුත්තේ.

ආණ්ඩු බලය ගන්නතුරු ඉතා ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තට පසු අපි දේශපාලන කටයුතුවලින් ඈත්වී බලාගෙන ඉන්නවා. හැබැයි ආණ්ඩු බලය ගත්තට පසු දේශපාලන කටයුතු අමතක කර රාජ්‍ය පාලන කටයුතුවලට කාලය වෙන්කරන්න පටන් අරන් තියෙනවා අපේ අය. අද අපට වෙලා තියෙන්නේ එයයි.

පක්ෂයක කීර්තිය ජනප‍්‍රියත්වය රැුකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනය කරන්න ඕන. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ තිබෙනවා. පසුගිය කාලයේ ගුරු වර්ජනය දිගට ඇදී ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත්වුණ නිසා කියලයි මා විශ්වාස කරන්නේ. අද ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතළ විදියට ඇදී යන්නේ ඒ අය අතරේ වැඩ නොකර නිසයි කියලයි මා හිතන්නේ. ජනතාවගේ හඬ අපි තේරුම් ගතයුතුයි. ඒ හඬ අපට ඇසෙන්න ඕන. දේශපාලනයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරනවා.

එමනිසා පොදුජන පෙරමුණ මේ රටේ තහවුරු කරන්න නම් පක්ෂයක් විදියට ආණ්ඩුවක් තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කළ යුතුයි. රජයේ බලධාරීන් නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තිබෙන දේශපාලනය ක‍්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන්නේ ඔබඅතේ. කම්හලේ, වැඩබිමේ, ගොවි බිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කරගත යුතුයි.

අපි තේරුම් ගතයුතුයි අපට ඡුන්දය දුන් ජනතාව දැන් ඉන්නේ අපහසු දුෂ්කර තත්ත්වයක බව. මේ වගේ දුෂ්කර කාලවලට මුහුණ දී අපට හොඳට පුරුදුයි. මේ වගේ කාලවලදී නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒකයි සිරිත. ජනතාව බනින්න පුළුවන් පඹයෝ පුච්චන්න පුළුවන් ඒත් අපි ජනතාව අතරට යන්න ඕන.

එදා කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරුවා හැරි සිද්ධිය අපට ආරංචි වූ විගස අපි වහා එතනට ගියා. ජනතාව ඒ වෙලාවේ දොස්කිව්වා. ඇඬුවා, මියගිය දරුපැටවුන් අතේ තියාගෙන පෙන්නුවා. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ අය ඉදිරියේම ජාතියේ ආරක්ෂාවේ වගකීම මා භාරගත්තා. ඒ වගේම ඔබට මතක ඇති බේරුවල අළුත්ගම සිදුවීම. ඒ අවස්ථාවෙම අපි එතනට ගියා. වුණු දේ දෑසින් දුටුවා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ඉන්න විටත් අපි එහෙමයි කටයුතු කළේ.

පාස්කු ප‍්‍රහාරය වූ වෙලාවේ ආණ්ඩුවේ අය ඒ විනාශ වූ පල්ලියට යන්න කලින් අපි එතනට ගියා. ජනතාවගේ ප‍්‍රශ්නවලට, ඒ අවේගවලට මුහුණදුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට වුවමනායි. පොදුජන පෙරමුණේ වගකීම යුතුකම ඉටුකළ යුතුයි.

අපි නිතරම සමගියට අතවනන පක්ෂයක්. එය ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයෙන් අපිට ලැබුණු උරුමයක්. ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ සමග එකට සිටියා. වාද විවාද මැද වුණත් අපි එකට වැඩකළා. පොදුජන පෙරමුණත් ඒ ගැන සිතන්න ඕන. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්, පක්ෂ කුඩා වෙන්නත් පුළුවන්. ලොකු කුඩා නොවෙයි දේශපාලනයේදී වැදගත්වන්නේ අරමුණයි වැදගත් වන්නේ. මේ හැමෝම අපි සමග එක මග යන අය. දුෂ්කර අවස්ථාවලදී අපත් සමග එකට සිටි අය. එක අරමුණකට සටන් කළ අය. ඒ කවුරුත් අපිට ඈත් කරන්න බැහැ. ඒ අය අපේ ආධාරක හෝ කිහිලිකරු, අපේ අතකොළු නොවෙයි ඒ අය. අපිත් සමග එක අරමුණකට ගමන් කරන එකම අයයි. ඒ නිසා එදා අපිත් සමග සිටි සියලූ පක්ෂ එක?නට සිටිය යුතුයි. ඒ සමගිය රැුකීම ප‍්‍රධාන පක්ෂය වන අපේ වගකීමයි.

අද තියන ප‍්‍රශ්න අපි ගෙනාපුව නොවෙයි. 2015 බාරදුන් රට නොවෙයි 2019 දි අපි භාරගත්තේ. අපි 2019 පොදුජන පෙරමුණ බලයට එනවිට ඇස්, ඉස්, මස්, ලේ පූජා කර රට බේරාගත් රණවිරුවන් ජාත්‍යන්තර දන්ගෙඩියට ගෙනයන්න ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකඟවී තිබුණේ. යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරුකන්ද පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුණාම උන්වහන්සේගේ දේහයවත් උතුරේ ඒ පන්සල් බිමේ ආදාහනය කරන්නවත් ඉඩ නුදුන්බව ඔබට මතක ඇති. එදා උතුරේ තිබුණේ එවන් තතත්වයක්. මුළු භික්ෂූ ශාසනයටම කතාකළේ චීවරධාරීන් කියලා. ජාතික ආරක්ෂාව කියා දෙයක් තිබුණේ නැහැ.

එපමණක් නොවෙයි එදා එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කර තිබුණේ එය අත්සන් කිරීම නතරකළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබූ යෝජනාවත් අපි බලයට ඇවිත් ඉවත්කර ගත්තා. ඒත් ඒ සියල්ල දැන් ආපස්සට හරවලා තියෙනවා. එදා ජාත්‍යන්තරයත් එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝයකට මුහුණදෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදියට වෙස්වලාගෙන නොයෙක් සටන් නාමයෙන් අප ඉස්සරහට එන්නේ අපි කරපු දේවල ප‍්‍රතිඵල. අපි එහි තිබෙන දේශපාලනය ජාතියට තේරුම් බේරුම්කර දීමේ වගකීම පක්ෂයක් හැටියට භාරගත යුතුයි.

අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණු කාලය තුළ කරපු කැපවීම ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. ඇයි කතා කරන්න දෙයක් නැහැ. ඒ බව මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මා කියන්න ඕන නෝර්වේ සටන් වරාම ගිවිසුම ඉරාදමලා ගත්ත රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප‍්‍රතික්ෂේප කරලා ඉන් ඉවත්වී බේරාගත් රට එම්. සී. සී. ගිවිසුම අත්සන් නොකර බේරාගත් රට කිසිවෙකුටවත් පාවා දෙන්නේ නැහැ.

රට වෙනුවෙන් ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමතියි.

රට කරවන ප‍්‍රධාන දේශපාලන පක්ෂය ලෙස අප රටේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපට තියෙන්න ඕන. අපි ජනාධිපතිවරණයෙන් ලබපු ජයග‍්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග‍්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග‍්‍රහණයක් සමග සන්සන්දනය කරන්න බැහැ කියලයි මා විශ්වාස කරන්නේ. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නොමැතිව ජනාධිපතිවරයෙක් බිහිකරන්න බැහැ කියන විශ්වාසය අප ළග තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩදෙන්න සිදුවී තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරයෙක් බිහිකරන්න අපට පුළුවන් වී තිබෙනවා.

ඉන් අදහස් කරන්නේ නැහැ අපි දෙමළ මුස්ලිම් ජනතාවගෙන් ඈත්වෙලා දේශපාලනය කළ යුතුයි කියලා. ඒ ජාතීන් ළංකර ගැනීමට පුළුවන් නම් එය තමයි පොදුජන පෙරමුණ කළයුතු හොඳම කාර්යය. ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපට පුළුවන් වුණා. වසර 70 වැඩි ඉතිහාසයක් තිබෙන ආණ්ඩු බලය තිබූ එක්සත් ජාතික පක්ෂය එක මන්ත‍්‍රී ධුරයකට බස්සන්න පොහොට්ටුවට පුළුවන් වුණා. අප කෙරෙහි විශ්වාසය තබා ජනතාව එය කළා. එවැනි ජයග‍්‍රහණයක් ලබාදී ජනතාව ජාතිය ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕන.

අපි ජයග‍්‍රහණය කරපු වෙලාවේ මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල, පොදු ස්ථානවල නම් ගම් සඳහන් නොකර චිත‍්‍ර ඇන්දා. අතේ වියදමින් තීන්ත අරගෙන නිදිමරාගෙන චිත‍්‍ර ඇන්ද බව ඔබ දන්නවා. ඒ කළේ කාගෙවත් ඇරයුමකට නොවෙයි. ඒ රටට ආදරය කරන තරුණයෝ. අද ඒ චිත‍්‍ර ඇන්ද තරුණ පරපුර කෙහේද කියා අපි දන්නේ නැහැ. පක්ෂ දේශපාලනය පටන්ගත්දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැතවී නගර අවලස්සන වූ බව අපි අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ තරුණයෝ තාප්පවල චිත‍්‍ර ඇඳලා කිව්වේ මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවුඩය තේරුම් ගන්න ඕන. අද රට හැර යන්න විදේශ ගමන් බලපත් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්වද කියල සොයා බැලිය යුතුයි. ඒ පෝලිමට එකතුවී සිටිනවා නම් ආයිත් මේ රටට කැඳවා ගන්න පුළුවන් විදියේ දේශපාලනයක අප යෙදෙන්න ඕන. ඒක තමයි පොදුජන පෙරමුණේ අපට තිබෙන ඓතිහාසික අනාගතවාදී කාර්ය. ඒ ගැන හිතන්න.

ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා.

අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කිරීමට නොවෙයි. අපේ එකම පරමාර්ථය වුණේ ජනතාව දිනවීමයි. අදටත් අපි අධිෂ්ඨාන කරගෙන තියෙන්නේ මේ රටේ ජනතාව දිනවීම මිසක් කිසිවෙක් පරාජය කරන්න නොවෙයි. අපි පක්ෂයක් හැටියට මේ රටේ ජනතාවට අවංකව සේවය කරනවා.

අපේ මිතුරන්ගේ ආශීර්වාදයත් ප‍්‍රතිවාදීන්ගේ අභියෝගත් අපිට ආශීර්වාදයක් කරගත්තා. එල්ලවූ සියලූ අභියෝග අපිට ශක්තියක් වූ බව මතක් කරන්නේ නිහතමානීවයි. ඉදිරියට ලබාගන්නා සියලූ ජයග‍්‍රහණ මතුපරපුර වෙනුවෙන්. ක්‍රෝධය, වෛරය නැතිව අපි අවංකව සියලූ දෙනා සමග සහයෝගයෙන් වැඩ කර රට වෙනුවෙන් යම් සේවය කිරීමට කැපවෙමු.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment