මැතිව්ස් ඇවිත් කොළඹ දිනවයි

384

කණ්ඩායමේ නිත්‍ය නායකයා වුවද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පළමු තරග 4 ම ක‍්‍රීඩා කිරීමේ වරම අහිමිවූ ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයත් දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් ඉනිමත් හේතුවෙන් ලංකා ප‍්‍රිමියර් ලීග් 2021 ක‍්‍රිකට් තරගාවලියේ් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 41 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 57 කදී ලකුණු 73 ක් ලබා ගත් අතර ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර මැතිව්ස්ගේ ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

පන්දු 104 කදී ලකුණු

163 ක ඉලක්කයක් හඹා යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා පිටියට පිවිසි ග්ලැඩියේටර් පිලේ පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් පන්දු 39 කදී ලකුණු 64 ක් රැුස් කරගෙන කණ්ඩායම බේරා ගැනීමේ අසීරු කාර්යයක නියැළුණේය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු නවීන් උල් හක් ලකුණු 27 කට කඩුලූ 3 ක් බිඳ හෙළද්දී සීකුගේ ප‍්‍රසන්න සහ රවී රාම්පෝල් කඩුලූ 2 බැගින් බිඳ හෙළුෑහ. වර්ෂාව හේතුවෙන් එක් පිලකට පන්දුවාර 18 බැගින් නියමිතව ඇරැුඹි මෙම තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලේ වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඞ් අමීර් සහ සමිට් පටෙල් සිය පන්දුවාර 4 ලකුණු 23 කට සීමා කරමින් යැවීමට සමත් වද්දී පටෙල් කඩුලූ 2 ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්විය. මෙවර තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණේ පසුවන සමිට් පටෙල්ගේ කඩුලූ සංඛ්‍යාව තරග 5 කදී කඩුලූ  11 ක් ලෙසින් සටහන්ව තිබේ.

තරගයේ වීරයා – දිනේෂ් චන්දිමාල්

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 18 කදී කඩුලූ 7 කට ලකුණු 162 යි – (ඇන්ජලෝ මැතිව්ස් 73, දිනේෂ් චන්දිමාල් 36, අශාන් ප‍්‍රියන්ජන් 23, සමිට් පටෙල් 23/2, මොහොමඞ් අමීර් 23/1, ධනංජය ලක්ෂාන් 22/2, නූර් අහමඞ් 33/1, ඉසුරු උදාන 49/1)

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 16.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 121 යි – (කුසල් මෙන්ඩිස් 64, මොහොමඞ් හෆීස් 16, ධනුෂ්ක ගුණතිලක 14, සමිට් පටෙල් 11, නවීන් උල් හක් 27/3, සීකුගේ ප‍්‍රසන්න 23/2, රවී රාම්පෝල් 36/2, අශාන් ප‍්‍රියන්ජන් 10/1, දුෂ්මන්ත චමීර 15/1)

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment