චීන පොහොර නැව ශී‍්‍ර ලංකාවෙන් යන්න – සියයට 70 ක නැව් ගාස්තුවක් ඉල්ලයි

350

දැනට කොළඹ වරායට පැමිණ තිබෙන චීන නැවේ ඇති කාබනික පොහොර තොගයේ අයිතිකරුවන් වන චීනයේ ක්වින්දා ඕ බයෝ ටෙක් සමූහ ව්‍යාපාරය එම නැවේ ඇති පොහොරවල වටිනාකමින් 70% ක් සහ නැව් ගාස්තු ගෙවීමට රජය එකඟ වන්නේ නම් මෙරටින් යෑමට කැමැත්ත පළකර ඇත.

 ශ‍්‍රී ලංකා රජය මගින් චීනයෙන් ඇනවුම් කරන ලද මෙම කාබනික පොහොර තොගයෙහි අර්වීනියා නමැති ක්ෂුද්‍ර ජීවීන් සිටින බැවින් එය රට තුළට ගැනීමට නොහැකි බව නිවේදනය කරන ලදී. මේ පොහොර තොගය ශ‍්‍රී ලංකාවට ගෙනෙනු ලබන්නේ චීනය සමග එකඟත්වයට පත් ටෙන්ඩර් ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් වශයෙනි. පොහොර ටෙන්ඩරයේ වටිනාකම ඩොලර් මිලියන 8 කි. එයින් 70% ක ප‍්‍රමාණය ඩොලර් මිලියන 5.8 කි.

advertistmentadvertistment
advertistmentadvertistment